ඉල්ලීම් වලට විසඳුම් දීමට වෛද්‍යවරුන් සෞඛ්‍ය ඇමතිට පැය 48 කල් දෙයි

ඉල්ලීම් වලට විසඳුම් දීමට වෛද්‍යවරුන් සෞඛ්‍ය ඇමතිට පැය 48 කල් දෙයි


වර්ජනයේ නියුතු වෛද්‍යවරුන් ගේ ඉල්ලීම් වලට විසඳුම් ලබාදීම සඳහා ඉදිරි පැය 48 තුළ සෞඛ්‍ය ඇමතිවරයාගේ සාධනීය මැදිහත්වීමක් සිදු නොවුන හොත් වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

එම සංගමයේ මධ්‍යම කාරක සභාව අද (28) රැස්වූ අතර එහිදී විධායක සභාවට ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පූර්ණ අවස්ථාව ලබාදෙනු ලැබීය.

රජයේ රෝහල්වල දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව තවදුරටත් සිදුකිරීමට එහිදී තීරණය කර තිබේ.

රෝහල් තුළ නොමැති ඖෂධ පිටතින් රැගෙනඒම සඳහා තුණ්ඩු ලිවීම තවදුරටත් සිදු නොකිරිම, දේශපාලන කණ්ඩායම්වලින් සිදුකෙරෙන සෞඛ්‍ය කඳවුරු සඳහා සහභාගීනොවීම, බ්ද්‍යෛවරු ප්‍රමාණවත් නොමැති රෝහල් තුළ ඉදිකෙරෙන වාට්ටු සහ ඒකක ඉදිකිරීම් අවස්ථා සඳහා සහභාගී නොවීමට ද අද පැවැති මධ්‍යම කාරක සභාවේදී තීරණය කර ඇත.

Search