රටේ ජනගහනයෙන් 1/4ක් දරිද්‍රතාවයෙන් පෙළේ !

 රටේ ජනගහනයෙන් 1/4ක් දරිද්‍රතාවයෙන් පෙළේ !


මෙරට ජනගහණයෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සිදු කළ සමීක්ෂණ මගින් හෙළිවන බව ODI Global ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ආචාර්ය ගනේෂන් විග්නාරාජා පවසයි.

ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම 2025-2030 වාර්තාව එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ ශ්‍රි ලංකාව මේ ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණයන්ට ලක්කළ යුතු බවය.දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සහ ODI Global ආයතනයේ අනුග්‍රහය යටතේ ස්වාධීන කණ්ඩායමක් විසින් සකස් කළ “ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම 2025-2030″ වාර්තාව එළි දැක්වීම පසුගියදා කොළඹ පදනම් ආයතනයේදී සිදු කෙරිණි.

මෙම වාර්තාව මගින්, ශ්‍රී ලංකාවේ පශ්චාත් අර්බුද ප්‍රකෘතිය උදෙසා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ දරිද්‍රතාවය අඩු කිරීම කෙරෙහි අවදානය යොමු කරන ප්‍රතිපත්ති රාමුවක් ද ඉදිරිපත් කර තිබේ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ඉවෙට් ෆර්නැන්ඩූ,”නමුත් අපේ රටේ ඒ වගේ තත්වයක් අපිට ඇති කරගන්න හැකියාවක් තිබිලා නෑ. ඒක නිසා මං හිතන්නේ ඒකත් රජය මැදිහත් වෙලා පෞද්ගලික අංශයත් එකතු කරගෙන ඒ වගේ නැෂනල් ප්ලෑන් එකක් දැන් අපි එක එක කට්ටිය ඇඩෙබ් දේවල් තැනින් තැන කරනවා. ඒකෙන් ගොඩක් හොඳ දේවලුත් සිද්ධ වෙනවා. නමුත් ඒක සෙන්ට්‍රලයිස් තැනකට ගෙනල්ලා ඒක අපිට හොඳට පාලනය වෙන විදිහට, පසු විපරම් ඇති වෙන විදියට සකස් කරගෙන කරනවා නම් ඊට වඩා හොඳට ඒකේ ප් රතිඵලය ලබා ගන්න පුළුවන්. ඒ වගේ රජය පැත්තෙන් වෙන්න ඕනේ ඒ කාර්ය සැලැස්මට කමිටු දෙකක් දාලා කමිෂන් එකක් දාලා ඒ වගේ දෙයක් අපි මෙතන යෝජනා කරලා තියෙනවා.”

මූලාශ්‍රය – Aruna

Search