දිට්වා නිසා ලක්ෂ ගණනින් ජනතාව අවතැන් වෙද්දි රජය 11.57%කින් විදුලි බිල වැඩි කරන්න හදනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දිට්වා නිසා ලක්ෂ ගණනින් ජනතාව අවතැන් වෙද්දි රජය 11.57%කින් විදුලි බිල වැඩි කරන්න හදනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වත්මන් රජය බලයට පත් වූයේ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා කියන පොරොන්දු පත්‍රිකාව මත වුවත් මේ වන විට වත්මන් රජය පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා වෙනුවට දුප්පත් රටක් දුප්පත් ජිවිතයක් නිර්මාණය කරන විදුලි බිල වැඩි කිරීමකට මුල පුරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සෑම වේදිකාවකම පාහේ වත්මන් රජයේ සාමාජිකයන් එදා විපක්ෂයේ ක්‍රියාකාරීන් ලෙස රු. 9000 බිල 6000ත් රු. 3000 බිල රු. 2000 දක්වා 33%කින් විදුලි බිල අඩු කරන බව පැවසුවත් මොවුන් බලයට පත් වු පසු වේදිකාවේ වූ පොරොන්දු අමතක කර අද හෙටම 11.57%කින් විදුලි බිල වැඩි කරන්න සැලසුම් කරන බවත් මොවුන් ලැබූ ජන වරම අද පාවා දෙමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදා දශලක්ෂ ගණනින්මෙරට ජනතාව වත්මන් රජය පත් කර ගත්තේ විදුලි බිල අඩු කරනවා යැයි කියූ නිසා බවත් ජනාධිපතිවරයා පැහැදිලිවම ප්‍රසිද්ධියේම මේ බව ප්‍රකාශ කර සිටියත් අද ජනතාවගේ කරපිටින් බලයට පැමිණ ජනතාව දුන් ජන වරම පාවා දෙන්නේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් රජය මෙරට විදුලි පාරිභෝගිකයන්ගේ මානව හා මූලික අයිතිය උල්ලංඝනය කර ඇති බවත් විදුලි පාරිභෝගිකයන්ට දුන් බලාපොරොත්තු හා ඒ හරහා ලබා ගත් ජනවරම සහමුලින්ම උල්ලංඝනය කර ඇති බවත් බොරුව රැවටිල්ල මුසාව මුලාව පොරොන්දු කඩ කිරිම තුළ විදුලි පාරිභෝගිකයා අන්ත අසරණ කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එදා වේදිකාවක් වේදිකාවක් පාවා IMF ගිවිසුමේ කොන්දේසි ජනතාවට හිතකර ආකාරයට වෙනස් කර ගන්නවා යැයි කියූ ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිණ එලෙසම ජනතාව මත අසීමිත අසහනයක් පීඩනයක් පටවන IMF කොන්දේසි හා ගිවිසුම් එළෙසම ක්‍රියාත්මක කිරීම බවත් දිට්වා සුළි කුණාටුව නිසා දශලක්ෂ ගණනින් ජනතාව විපතට ආපදාවට පීඩනයට ලක් වුවත් රජය ඒවා තැකීමකින් තොරව විදුලි බිල වැඩි කරන්න සූදානම් බවත් මෙය ලබාගත් ජනවරම පාවා දෙන වැරදි ක්‍රියාවක් නිසා මේ වැරදි ක්‍රියාවෙන් වැළකී සිටින ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විදුලි බිල වැඩි කරනවා වෙනුවට 33%කින් විදුලි බිල අඩු වේදිකාව මත දුන් පොරොන්දු ඉටු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවගේ ජන වරම මේ ආකාරයෙන් උල්ලංඝනය කරන රජයට විරුද්ධව පෙළ ගැසිය යුතු බවත් මෙවන් ජනතා විරෝධී ක්‍රියාවන් හරහා ජනතාවගේ කර පිට අසීමිත පීඩනයක් පැටවීම තර‌යේ හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

https://youtu.be/iOqEo6RFoxY?si=PaGH7ySK_l4B9T5F

Search