යුද හමුදාවෙන් නිකුත් කළ ගිනි අවියක් පාතාල නායක මාකඳුරේ මධුෂ්ට සම්බන්ධ පාර්ශ්වයක් වෙතට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉකුත් 26 දා අත්අඩංගුවට ගත් හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ජනවාරි 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර තිබේ.
සැකකාර හිටපු ඇමැතිවරයා ඊයේ (28 දා) පස්වරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය