රට ගොඩනැගීමේදී ප්‍රථමයෙන් මන්ත්‍රී රක්ෂණ සහ වරප්‍රසාද කප්පාදු කර එම මුදල් ජනතාව වෙනුවෙන් යොමු කරමු – රවි

රට ගොඩනැගීමේදී ප්‍රථමයෙන් මන්ත්‍රී රක්ෂණ සහ වරප්‍රසාද කප්පාදු කර එම මුදල් ජනතාව වෙනුවෙන් යොමු කරමු – රවි

රට මුහුණ දී ඇති ආපදා තත්ත්වයන්ට සාපේක්ෂව මෙතෙක් ප්‍රමාණවත් විදේශ ආධාර ලැබී නොමැතිවීම කනගාටුවට කරුණක් බව හිටපු මුදල් ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවසීය.

රටේ පවතින ආර්ථික සහ ව්‍යසන තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා මහජන නියෝජිතයන් සහ ඉහළ රාජ්‍ය ආයතන දැඩි කැපකිරීම් කළ යුතු බවත්, මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ සහ වරප්‍රසාද කප්පාදු කර එම මුදල් ජනතාව වෙනුවෙන් යොමු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, රට ගොඩනැඟීමේ කාර්යය දේශපාලනඥයන්ගෙන්ම ආරම්භ කළ යුතු බවය.ි

ලංකාවේ වත්මන් ඩොලර් සංචිත වැය කරනවාට සාපේක්ෂව ඒවා නැවත පිරවීමේ ක්‍රමවේදයක් නොමැති වීම බරපතළ ගැටලුවක් බව ද ඔහු කීවේය.

රාජ්‍ය ආයතනවල නාස්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කීවේ ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි පාඩු ලබන ආයතනවල නිලධාරීන්ට ගෙවන බෝනස් දීමනා වහාම නතර කළ යුතු බවයි. ඒ මුදල් මේ වෙලාවේ පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යොමු කිරීම රජයේ වගකීමක් බව ද ඔහු කීවේය

Search