හොරණ නගර සභාවේ මංගල අයවැයත් පරාදයි !

හොරණ නගර සභාවේ මංගල අයවැයත් පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි හොරණ නගර සභාවේ 2026 වසර සඳහා වූ මංගල අයවැය වාර්තාව ඊයේ (05) දින පැවති ඡන්ද විමසීමේදී එක් ඡන්දයකින් පරාජයට පත්විය.

හොරණ නගර සභාවේ සභාපති අනිල් ඉන්දික ප්‍රේමසිරි විසින් මෙම අයවැය වාර්තාව ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාවට උපසභාපති සනුජ වාසිතතිලකරත්න, ලේකම් අචිනි ගයන්ති, සහ විෂය භාර ලිපිකරු කේ. ආර්. බී. මහේෂා යන නිලධාරීහු ද සහභාගී වූහ.

මෙහිදි පැවති ජන්ද විමසීමේදී අයවැයට පක්ෂව ජන්ද 6ක් ලැබී ඇති නමුත් විරුද්ධව ජන්ද 7ක් ලැබී ඇත.

Search