කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සුළි කුණාටුව ගැන ජනතාව දැනුවත් නොකළ බවට අද වන විට සමහර පුද්ගලයන් චෝදනා එල්ල කරන නමුත් මේ දැනුවත් කිරීම් නොවැම්බර් 11 වැනි දා සිට සිදු වූ බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජනමාධ්‍ය ඉදිරියට පැමිණ බෙංගාල බොක්කේ කැලඹිලි ස්වාභාවයක් නිසා ගිණිකොණ දිග මුහුදේ අඩු පීඩන කැලඹිලි ස්වාභාවයක් නිර්මාණය වී මිලිමීටර් 100 ඉක්මවන වැසි පැමිණ අඩු පීඩන කලාපයක් නිර්මාණය වන බවත් පසුව එය අඩුපීඩන අවපාතයක් දක්වා වර්ධනය වි සුළි කුණාටුවක් නිර්මාණය විය හැකි බවට රටම දැනුවත් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ මාධ්‍ය හමුව පවත්වන විට රට තුළ සැලකිය යුත් වර්ෂාපතනයක් නොතිබු අවස්ථාවක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානීන් සහ ගොඩැනැගිලි පර්යේෂණ ඒකකයේ ප්‍රධානින් මාධ්‍ය හමු පවත්වා ජනතාවට මේ සම්බන්ධයෙන් අනතුරු ඇගවූ බවත් ඔවුන් නොවැම්බර් 11 වැනි දා නොවැම්බර් 12 වැනි දා සහ නොවැම්බර් 14 හා නොවැම්බර් 17 වැනිදා ද මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් සිටි බවත් නොවැම්බර් 21 සහ නොවැම්බර් 22 කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවා මේ කරුණු රටට ඉදිරිපත් කළ බවත් නොවැම්බර් 23 සහ 24 යන දින දෙකේ මෙරට සහ විදේශීය ජනමාධ්‍ය පවා නැවත වරක් ජනතාව දැනුවත් කරමින් කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නොවැම්බර් 11 වැනි දා සිට දින නොවැම්බර් 15කට ආසන්න කාලයක් මේ අයහපත් කාලගුණ තත්ත්වය ගැන කරුණු කාරනා හෙළිදරව් වන විට ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සක්‍රීය නොවීමට හේතු ප්‍රශ්න කරන බවත් මේ අවස්ථාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ඇගිල්ල දිගු නොකර ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ ඇති බරපතල ගැටලු නිවැරදි කර ගත යුතු බවත් මෙරට ජනතාව මේ මහා සුළි කුණාටුව නිසා ජීවිත හා දේපලවලින් වන්දි ගෙවා අනාථ වී ඇති බවත් සෑම ක්ෂේත්‍ර රැසක් අඩපණ වී දශ ලක්ෂ ගණනින් අනාථ වී ඇති මොහොතක නිවැරදි ආකාරයට මේ අයහපත් කාලගුණය ගැන කරුණු ඉදිරිපත් කළ නිලධාරීන්ට තර්ජනය කිරීම නොව මේ ව්‍යසනයෙන් උගත් පාඩම් ඉගෙන ගෙන වැරදි සාදා ගත යුතු බවත් එ ජනතාවට කළ හැකි ඉහළම යුතුකම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.*
*විපතට පත් ජනතාවට සහන දෙන එක දේශපාලනීකරණය කරන්න එපා*
මෙසේ විපතට පත් ජනතාවට සහන ලබා දීම විනිවිදභාවයෙන් හා නිර්ව්‍යාජව ක්‍රියාත්මක විය යුතු බවත් කොලොන්නාව ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ බරපතල වරදක් සිදුව ඇති බවත් රජයේ නිලධාරී 4 දෙනකුගේ අනුමැතියට අමතරව තවත් ප්‍රජා කණ්ඩායම් 2ක අනුමැතිය ලබා ගන්න උත්සාහ කරන බවත් රාජ්‍ය නිලධාරීන්ට ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී, කොට්ඨාසයේ ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ නිර්දේශයට අමතරව ආපදා කළමනාකරණ කමිටුවේ හා ප්‍රජා සංවර්ධන කමිටු ප්‍රධානියාගේ අත්සන ඉල්ලා සිටින බවත් පසුගිය කාලයේ මේ බිම් මට්ටමේ සංවිධාන නිර්මාණය වූයේ දේශපාලනීකරණය වීමෙන් බවත් යෞවන සමාජ, සිවිල් ආරක්ෂක කමිටු ආදිය දේශපාලනීකරණය වී ඇති මොහොතක මේ සහන ලබා දීම දේශපාලනයෙන් තොර විය යුතු බවත් රජයේ නිලධාරීන්ගේ අත්සන් පමණක් ප්‍රමාණවත් බවත් සහන ගන්න රජයේ නිලධාරීන් පමණක් ප්‍රමාණවත් බවත් වෙන අයගේ පසුපස යාම අනවශ්‍ය නොවන මේ දේශපාලනීකරණයට ලක් වන ක්‍රියාවලිය වහා නතර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
*හදීසි අවස්ථා නියෝග ගෙනාවේ ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සලසන්න මිස මාධ්‍ය මර්ධනයට නොවේ*
මේ ආපදා තත්ත්වය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස විපක්ෂය යෝජනා කළේ විපතට පත් ජනතාවට කඩිනම් වේගවත් සේවා ලබා දීම මිස මාධ්‍ය මර්දනයට යොමු වීමට නොවන බවත් රජය මාධ්‍ය මර්දනය නොකළ යුතු බවත් මේ විපතින් රජය මර්දනකාරී ක්‍රියාවලි දියත් කිරීම මේ නීතිරීති උපයෝගී කර නොගත යුතු බවත් මාධ්‍ය මර්දනය නොව කාර්යක්ෂම ක්‍රියාවලියක් හරහා විපතට පත් ජනතාවට ලබා දිය හැකි ඉහළම සහන ලබා දිය යුතු බවත් එය ඉටු නොකර මාධ්‍ය මර්දනය කිරීම නිවට කමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
https://youtu.be/0z4dzZCQy4w?si=8jBbPxX67zzbwXqo