අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා වලින් පුද්ගලයින් 410ක් මියගොස් 336 ක් අතුරුදන්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25 ට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයවය හේතුවෙන් පවුල් 407,594කට අයත් පුද්ගලයින් 1,466,615ක් පීඩාවට පත්ව ඇත.
ආපදා හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 88 ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 75ක්,කුරුණෑගලින් මරණ 52ක් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 27ක් වාර්තා වී ඇත.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 150 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 62ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 48,බදුල්ලෙන් පුද්ගලයින් 28ක්, දෙනෙකු සහ කුරුණෑගලින් පුද්ගලයින් 27 දෙනෙකු මේ වනවිටත් ආපදා හේතුවෙන් අතුරුදන්ව ඇති බව
සඳහන්ය.