පසුගියදා කෝට්ටේ සෝලිස් ශාලාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පැවති එම පක්ශයේ වෛද්‍යවරුන්ගේ රැස්වීමට සහභාගිවූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය තිලිණ දම්සිරිට අද උදෑසන පැවති GMOA විධායක සභා රැස්වීමේදී දැඩි විරෝධයක් එල්ලවී ඇත.
තම සංගමය ආණ්ඩුවට එරෙහිව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන අවස්ථාවක මෙසේ විපක්ෂයේ දේශපාලන රැස්වීමකට සහභාගි වීමෙන් වෛද්‍යවරුන් අතර තම සංගමයට ඇති විශ්වාසය නැතිවන බවට GMOA සභාපති විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා පෙන්වා දී ඇත.
මෑත කාලයේ තම සංගමය ගොඩනගා ගත් ස්වාධීනත්වයට මේ සිදුවීම බරපතල හානියක් බව විධායක සභාවේ බහුතරයක් පෙන්වා දී ඇති අතර වෛද්‍ය තිලිණ දම්සිරි මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බව වාර්තාවේ.
කෙසේ නමුත් ආණ්ඩුවට එරෙහිව අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි මෙහිදී දීර්ඝව සාකච්ඡා කර ඇත.