අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුව යොදවා මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හා මර්දනය කිරීමට ආණ්ඩුව උත්සාහ ගෙන ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
අරුණ පුවත්පතේ කර්තෘ මහින්ද ඉලේ පෙරුම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම තුළින් සමස්ත මාධ්‍යවේදීන්ට අනතුරු ඉඟවීමක් සිදු කර ඇති බව පෙන්වා දුන්නේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යොදාගෙන මාධ්‍ය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල
තරයේ හෙලා දකින බව පවසන නාමල් රාජපක්ෂ මහතා ඒ ක්‍රියාවලිය වහා නවතා දැමිය යුතු බව අවධාරණය කළේය.
පොලිස් වාර්තා ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිවරයාගේ සහතිකයක්ද අවශ්‍ය බව සඳහන් පුවතක් මහින්ද ඉලේපෙරුම කර්තෘත්වය හොබවන අරුණ පුවත් පතේ පළකිරීම නිසා මෙලෙස ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
පුවත්පතේ වැරදි තොරතුරක් වාර්තා කර ඇත්නම් එහිදී ප්‍රථමයෙන් කළ යුත්තේ පුවත්පත් කොමිසමට පැමිණිලි කිරීම හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීම බවත් බිහිටි එසේ සිදු නොකර කතෘවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ මර්ධනය බව ඒ මහතා අවධාරණය කළේය.