මෙම වසරේ මේ දක්වා වෙඩිතැබීම් 107 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
ඝාතනය වූ පුද්ගලයන් ප්‍රමාණය 5 දෙනෙකි. ඒ අතර ත්‍රිත්ව ඝාතන සහ ද්විත්ව ඝාතන කීපයක් ද වන බව පොලිසිය කියයි.
ආසන්නතම වෙඩි තැබීම හෙවත් ද්විත්ව ඝාතනය ඊයේ (18) තංගල්ල උනා කූරුව කපුහේන ප්‍රදේශයේ වෙළඳසැලක සිටි වයෝවෘද්ධ අඹුසැමි යුවළකි.
ඔවුන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකූරුවේ ශාන්ත නැමැත්තාගේ නැන්දම්මා සහ මාමණ්ඩිය බව පොලිසිය සඳහන් කරයි.
මෙම වසර තුළ වෙඩි තැබීම්වලින් තුවාල සිදු වූ පුද්ගලයන් සංඛ්‍යාව 53 ක් බව පොලිසිය සඳහන් කරයි.