තැනින් තැන ඇසෙන වොයිස්කට් කෙඳිරිය දැවැන්ත ජනතා ශක්තියකින් පරාජය කරනවා - ජනපති

තැනින් තැන ඇසෙන වොයිස්කට් කෙඳිරිය දැවැන්ත ජනතා ශක්තියකින් පරාජය කරනවා - ජනපති

තැන්තැන්වලින් ඇසෙන වොයිස්කට් කෙඳිරිය ඉදිරියේදී දැවැන්ත ජනතා ශක්තියකින් පරාජයට පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13දා) පැවැති 36 වැනි ඉල්මහ සමරුවට එක්වෙමින් පැවැසීය.

කිසිදු ජන බලයක්, ශක්තියක් නැති අය තැන් තැන්වල වොයිස්කට් දෙමින් කෙඳිරි ගානා බවද ඔවුන් ආණ්ඩු පෙරළීමේ ස්වයං තෘප්තියක සිටින බවද එලෙසම හැමදාම ඔවුන්ට සිටිය හැකි බවද ජනාධිපතිවරයා කීය.

මේ වනවිට අපේ රටේ ආර්ථිකය ඉතා ශක්තිමත්ව පවතින අතර 2028 දී ණය ගෙවිය හැකි ශක්තියක් තිබෙන බවද කීය.

ඉස්සර මූල්‍ය අරමුදල පාලනය කළේ එළියෙන් බවත් අද ආණ්ඩුවෙන් පාලනය කරන බවත් කී ජනපතිවරයා එසේ කරන්නේ නීති දමා නොව ආණ්ඩුව ශක්තිමත් තරගකරුවකු ලෙස බවද කීය.

ඉදිරියේදී ජනතාවට තවත් සහන ලබාදෙන බවද ඉදිරියේදී අල හා ලූනු මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කරන බවද ජනාධිපතිවරයා පැවැසීය

Search