පැය 4යි විනාඩි 20ක කතාවක්
කිසි වැඩක් නොකෙරෙන රාජ්‍ය ආයතන 33ක් වසා දැමේ
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමේ දෙවැනි අදියර ජනවාරි සිට
රාජ්‍ය සේවකයන්ට දෙන දේපළ ණය ලක්ෂ 50 දක්වා වැඩි කෙරේ
මුල් ලක්ෂ 30ට 4%ක පොලී සහනයක්
වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක්
වෛද්‍ය නිර්දේශ මත තැලසීමියා රෝගීන්ට රු. 10000ක්
මහපොළ ශිෂ්‍යාධාරය රු. 10,000 කෙරේ
ශිෂ්‍යාධාර රු. 9000තෙක් වැඩි කරනවා
සල්ලි තියෙනවා නීතිය හදල දුන්නොත් පළාත් සභා ඡන්දෙ තියනවා
රාජ්‍ය සේවයට අලුතින් 75,000ක්
මූලික රෝහල් 82ක් සංවර්ධනයට මිලියන 31000ක්
කෘෂිකාර්මික ණය ලබාදීමට රුපියල් මිලියන 1,700 ක්
රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව පිළිබඳව පනත් කෙටුම්පතක්
අඩු ආදායම්ලාභීන් 2026 නැවත සමාලෝචනය කරනවා
ඩිජිටල් ක්‍රමයට රාජ්‍ය ආයතනවලට කරන ගෙවීම්වලට සේවා ගාස්තු අය නොකෙරේ
කුමන තනතුරක් දැරුවත් දූෂිතයන්ට දඬුවම්
කුරුණෑගල සහ ගාල්ලේ අයි.ටී. කලාප ගොඩනගනවා
වතු සේවක දිනක වැටුප 1550 කෙරේ: රජයෙන් රු.200ක පැමිණීම් දීමනාවක්
කුරුණෑගල-දඹුල්ල යෝජිත අධිවේගී මාර්ගයට ඉඩම් අත්පත් කර ගැනීමට මුදල්
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා රුපියල් මිලියන 50 දක්වා ණය ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 5,900 ක්
ආබාධ සහිත අයෙක් පෞද්ගලික අංශයට බඳවා ගන්නේනම් වැටුපෙන් 50%ක් රජය මාස 24ක් ගෙවයි
වීදි සුනඛයන් හා සුරතල් සතුන් වෙනුවෙන් අයවැයෙන් රු. මිලියන 100ක්
ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩකයන් සූදානම් කරන්න මිලියන 1163ක්
රාජ්‍ය ව්‍යවසායයන් සඳහා නව “රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනතක්”,
විෂ මත්ද්‍රව්‍ය සැපැයුම් දාමය බිඳ වැට්ටවීමට බහුවිධ ක්‍රියාකාරී සැලැස්මක්
රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමේ දෙවැනි අදියර ලබන වසරේ (2026) ජනවාරි මසට හිමි වැටුපේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110ක ප්‍රතිපාදන වෙන් කරන බවත් විශ්‍රාමික වැටුප් විෂමතා නිවැරදි කිරීම සඳහා රුපියල් මිලියන 20000ක් වෙන් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිදහස් ශ්‍රී ලංකාවේ 80 වැනි මෙන්ම වත්මන් ජාතික ජනබලවේගය ආණ්ඩුවේ දෙවැනි අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඊයේ (07දා) සවස කියා සිටියේය.
මේ අතර රාජ්‍ය සේවකයන් සඳහා මෙතෙක් ලබා දුන් රුපියල් ලක්ෂ 30ක දේපළ ණය ලක්ෂ 50 දක්වා වැඩි කරන බවත් මුල් ලක්ෂ තිහ සඳහා සියයට 04ක පොලී සහනයක් සහ ඉතිරි ලක්ෂ පනහ දක්වා සියයට 02ක පොලී සහනයක් ද ලබා දෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඊට අමතරව එම සේවකයන්ගේ විශ්‍රාමිකයන්ගේ වැටුප් පිළිබඳව ඇති ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා ‘වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක්’ ස්ථාපනය කිරීමටද ක්‍රියා කරන බව කීය.
ලබන වසර සඳහා අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඊයේ දහවල් පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් සමග පැමිණි අයුරු මෙන්ම ඔහු රැගත් රියපෙළ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පහළ මාලය තුළටම ඇතුළු කරන අන්දම ද දැක ගත හැකිවිය.
වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා විසින් සෙංකෝලය තැන්පත් කරනු ලැබූ අතර ඔහු පසුපසින් මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ප්‍රධාන ලේකම් මණ්ඩලය පැමිණියහ. කථානායක වෛi ජගත් වික්‍රමරත්න මහතාගේ මූලාසනයෙන් පාර්ලිමේන්තුව පස්වරු 01.30ට රැස්විණ. ප්‍රථමයෙන් කථානායක නිවේදන, ලිපිලේඛන ආදිය ඉදිරිපත් කිරීම සිදු කළේය. කෙසේ වෙතත් කථානායක ජගත් වික්‍රමරත්න සිය නිල කබාය පැළඳගෙන සිටිය ද ඔහු හිස්පළඳනාව නොමැතිව සිටියේය.
මේ අතරතුර ජනාධිපති ආණ්ඩු පක්ෂයේ දෙවැනි පෙළ අසුනක් හිමි නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක මහතාගේ පිටට තට්ටුවක් දමමින් සිනහමුසු මුහුණින් යුතුව සභාවට පැමිණි අතර ඔහු පසුපසින් වේත්‍රධාරි පැමිණියේය. සිය පුටුව වෙත ජනපති පැමිණෙන විට අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ආයුබෝවන් යැයි කියමින් පිළිගත්තාය.
ජනාධිපතිවරයා අනතුරුව තමාට හිමි අටවැනි පුටුවෙහි අසුන්ගැනීමකින් තොරවම දුඹුරු පැහැති සම් මල්ලක් වැනි බහාලුමක දමාගෙන පැමිණි 2026 අයවැය යෝජනාවලිය පස්වරු 1.40ට පමණ ඉදිරිපත් කිරීම ආරම්භ කළේය. පැහැදිලිව සහ උස්හඬින් ජනාධිපතිවරයා අයවැය කතාව නොපැකිලව ඉදිරිපත් කළ අතර විපක්ෂයේ බාධාකිරීම්වලින් තොරව, ජනාධිපතිවරයා අයවැය කතාව පැය 04යි විනාඩි 20ක පමණ සිදු කළේය.
අනුර කුමාර දිසානායක මහතා අයවැය ඉදිරිපත් කරන ආකාරය දැක බලා ගැනීමට රාජ්‍ය නිලධාරීන් මෙන්ම කථානායක ගැලරියේ විදේශ තානාපතිවරු ද අසුන්ගෙන සිටියහ