හීනටියන මහේෂ්ගේ තර්ජනයට මුහුණ දෙන්න පිස්තෝලය මිලදී ගත් මිනුවන්ගොඩ ව්‍යාපාරිකයා අල්ලයි
පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ අවි ආයුධ විකිණීමේ ජාවාරම ද ජයටම කරගෙන ගොස් ඇති බව හෙළි කරගත් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය ඔහු විසින් ව්‍යාපාරිකයකුට රුපියල් ලක්‍ෂ තුනහමාරකට විකිණූ පිස්තෝල අවියක් සමග එම ව්‍යාපාරිකයා පෙරේදා (31 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.
මේ ආකාරයට කෙහෙල්බද්දර පද්මේ මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව නවීන පන්නයේ අවි ආයුධ විකිණීම ද කරගෙන ගොස් ඇති බවට ලැබී ඇති තොරතුරු මත ඒ ඔස්සේ විමර්ශන පවත්වාගෙන යන බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය පවසයි.
සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහත්වරුන්ට ලැබුණු ඔත්තුවකට අනුව මිනුවන්ගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙම පිස්තෝල අවිය ජීව උණ්ඩ 13ක් සමග අදාළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ හීනටියන මහේෂ් නමැති පාතාල නායකයාගෙන් තමන්ට මරණීය තර්ජන තිබෙන බැවින් ආරක්ෂාව සඳහා කෙහෙල්බදද්ර පද්මේගෙන් මෙම අවිය මිලදී ගත් බවයි. හීනටියන මහේෂ් පසුගිය වසරේදී තමන්ගෙන් කප්පම් මුදල් ඉල්ලා සිටි බවත් එම මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා මහේෂ් තමන් ඝාතනය කිරීමට උත්සාහ කළ බවත් ව්‍යාපාරිකයා පවසා ඇත.
මහේෂ්ගෙන් ආරක්ෂා වීමට තමන් මෙම පිස්තෝලය කෙහෙල්බද්දර පද්මේගෙන් මිලදී ගත් බවද ඔහු පවසා තිබේ. මෙම අවියට මුලින් රුපියල් ලක්‍ෂ 5ක් පද්මේ ඉල්ලා ඇති අතර පසුව එය ලක්‍ෂ 3 1/2කට ලබාදුන් බවද ව්‍යාපාරිකයා පවසා ඇත.
මේ ආකාරයට කෙහෙල්බද්දර පද්මේ තවත් සෑහෙන පිරිසකට ආයුධ අලෙවි කර ඇති බවට පොලිසිය සැක කරයි