වැලි­ගම සභාවේ සභා­ප­තිට ආර­ක්ෂාව නොදීමේ වග­කීම ආණ්ඩුව භාර­ගත යුතුයි -සජිත්

වැලි­ගම සභාවේ සභා­ප­තිට ආර­ක්ෂාව නොදීමේ වග­කීම ආණ්ඩුව භාර­ගත යුතුයි  -සජිත්

වැලි­ගම ප්‍රාදේ­ශීය සභාවේ සභා­ප­ති­ව­ර­යාට නිසි ආර­ක්ෂා­වක් සලසා දීමට කට­යුතු නොකි­රීමේ වග­කීම ආණ්ඩුව භාර­ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (23) ප්‍රකාශ කළේය. මත්ද්‍රව්‍ය සහ සංවි­ධා­නා­ත්මක අප­රාධ තුරන් කිරීම සහ නීති­මය රාමුව ශක්ති­මත් කිරීම සඳහා වූ ජාතික වැඩ­ස­ට­හන පිළි­බඳ කල් තැබීමේ විවා­ද­යට එක්වෙ­මින් ඒ මහතා මේ බව සඳ­හන් කළේය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ සජිත් ප්‍රේම­දාස මහතා,

“අද රටත් සම­ජ­යත් ඝාතන සංස්කෘ­ති­ය­කට යොමු වෙමින් තිබෙන අව­ස්ථා­වක මේ ඝාතන රැල්ල රටේ ජාතික ආර­ක්ෂා­වට තර්ජ­න­යක් කියන කාර­ණය පිළි­ගන්නේ නැද්ද? ජාතික ආර­ක්ෂා­වට තර්ජ­න­යක් කියන එක රජය බැහැර කර­නවා. යුක්තිය පසි­ඳ­ලීම ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රටක තිබිය යුතු වෙනවා.

මහ­ජන නියෝ­ජි­ත­යෙක් තමන් පත්කළ ජන­තා­වට සේවය කරන්න නොහැකි වාතා­ව­ර­ණ­යක් අද නිර්මා­ණය වී තිබෙ­නවා. ලසන්ත වික්‍ර­ම­සේ­කර කියන්නේ 66.3%ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා­ගෙන තිබෙන කෙනෙක්. විවිධ අභි­යෝග මැද විප­ක්ෂයේ සියලු දෙනා එක්ව මැති­ව­ර­ණ­යේදී නාය­ක­ත්වය දී තිබෙ­නවා. ජන­තා­වට සේවය කරන්න යන අව­ස්ථාවේ වෙඩි තබා මරා දම­නවා.

මේ ඝාතන රැල්ල නිර්මා­ණය වීම දෙස අව­ධා­නය යොමු විය යුතු වෙනවා. මේ වසරේ ඔක්තෝ­බර් 22 දක්වා වෙඩි තැබීම් 101ක් හා මරණ 52ක් වාර්තා වෙනවා. තුවාල ලැබීම් 56ක් වෙනවා. මේකද මේ රජයේ පුන­රු­දය වන්නේ.

වැලි­ගම සභා­ප­ති­ව­රයා මේ වසරේ අගෝස්තු මාස­යේදී පොලි­ස්ප­ති­ව­ර­යාට ලිපි­යක් යොමු කර­මින් ජීවිත තර්ජන තිබෙන බවට සඳ­හන් කර තිබෙ­නවා. අධි­ක­ර­ණ­යට පැමි­ණෙන අව­ස්ථා­ව­කදී හෝ සභා­වට යන අව­ස්ථා­වක ඝාත­නය කරන්න සැල­සු­මක් තිබෙන බවට පොලි­ස්ප­ති­ව­ර­යාට ලියා තිබෙ­නවා. සුදුසු ආර­ක්ෂා­වක් ලබා­දෙන්න කියා ඉල්ලා තිබෙ­නවා.

මෙවැනි තත්ත්ව­යක් තිබිය දී ඔහුට නිසි ආර­ක්ෂාව ලබා දෙන්න රජය අපො­හො­සත් වුණේ ඇයි? මෙච්චර මේ රටේ පාතාල කල්ලි, ඝාත­ක­යන් මර්ද­න­යට රජය සමත්ව තිබෙ­නවා නම්, සභා­වක සභා­ප­ති­ව­ර­යෙක්ට ජන­තා­වට සේවය කරන්න නිද­හ­සක් නැද්ද? මේකද පොහො­සත් රට සහ ලස්සන ජීවි­තය කියන්නේ. නිර්මා­ණය වී තිබෙන්නේ ඝාතන රැල්ලක් සහ ම්ලේච්ඡ සංස්කෘ­ති­යක්. මෙවැනි ලිපි­ය­කින් ඉල්ලීම් කර තිබෙන අව­ස්ථා­වක ආර­ක්ෂාව නොදුන්නේ ඇයි කියා අපි ප්‍රශ්න කර­නවා.

මේ රජය සභා­ප­ති­ව­ර­යාගේ ආර­ක්ෂාව සල­ස්ව­න්නට කට­යුතු නොකි­රීමේ වග­කීම භාර­ගත යුතු වෙනවා. පැහැ­දි­ලි­වම රජය වග­කිව යුතු වෙනවා. මේ රජය පාතාල කල්ලි හරහා මිනී­මරු සංස්කෘ­තිය ප්‍රව­ර්ධ­නය වීමට ඉඩ සලසා තිබෙ­නවා. එහි වග­කීම රජය භාර­ගත යුතු වෙනවා.

අපි කිසි දිනෙක පාතාල දේශ­පා­ල­නය, කුඩු දේශ­පා­ල­නය අනු­මත කරන්නේ නැහැ. නමුත් අද වෙනම මඩ බළ­කා­යක් නිර්මා­ණය කර­මින් අපේ දේශ­පා­ල­නය කරන්නේ මේ කල්ලි හරහා කියා ඇතැ­මුන් කර­නවා. ඒ දේශ­පා­ල­නය අපි තරයේ ප්‍රති­ක්ෂේප කර­නවා. මේ මිනී­මරු දේශ­පා­ල­නය අව­සන් කරන්න ගත හැකි උප­රිම ශක්ති යොදා ම්ලේච්ඡ­ත්වය වපු­රන කණ්ඩා­යම් පරා­ජය කරන්න අපේ සහාය ලබා­දෙ­නවා. නමුත් මේ රජ­යට පැන යන්න බැහැ සභා­ප­ති­ව­ර­යාගේ මර­ණ­යට. ඍජු­වම වග­කි­යන්න ඕනෑ.

මේ රටේ ක්‍රියා­ත්මක වන කල්ලි මර්ද­නය කරන්න අවශ්‍ය වෙනවා. ඒ වෙනු­වෙන් අපේ උප­රිම ශක්තිය ලබා­දෙ­නවා. ඒ කල්ලි මර්ද­නය කරන මුවා­වෙන් විප­ක්ෂය මර්ද­නය කිරී­මට දරන උත්සාහ හෙළා දකි­නවා. පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ගේ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් කළ ඉල්ලී­මට කිසිදු පිළි­තු­රක් නැහැ.

අව­සා­නයේ ජීවිත පරි­ත්‍යාග කරන්න ඕනෑ ද? එම ඉල්ලීම් ඉටු­ක­රන්න. පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන්නේ මිලි­යන 22ක ජන­තාව වෙනු­වෙන්. පළ­මුව ජන­තා­වට ආර­ක්ෂාව සල­සා­දිය යුතු වෙනවා. ඒ අයගේ ඉල්ලීම් ඉටු­ක­රන්න අපි බැඳී ඉන්නවා. මහ­ජන නියෝ­ජි­ත­යන්ගේ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් ගන්නා ක්‍රියා­මාර්ග ගැන රජය ප්‍රකාශ කළ යුතු වෙනවා.” යැයි පැව­සීය

Search