ආණ්ඩුව බලයට ඇවිත් අවුරුද්දක් ගිහින් තවම ජනතා ගැටලු එහෙමමයි--තිස්ස කුට්ටි­ආ­රච්චි

ආණ්ඩුව බලයට ඇවිත් අවුරුද්දක් ගිහින් තවම ජනතා ගැටලු එහෙමමයි--තිස්ස කුට්ටි­ආ­රච්චි

ආණ්ඩුව පත්වී වස­රක් ගෙවී ගියත් රැකියා ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, තරුණ තරු­ණි­යන්ගේ ප්‍රශ්න විසඳී නොමැති බව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි­ආ­රච්චි මහතා පැව­සීය.


ඒ මහතා මේ බව පැව­සුවේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණු පක්ෂ මූල­ස්ථා­නයේ පැවති ප්‍රවෘත්ති සාක­ච්ඡා­වට එක්වෙ­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මේ කරන සංව­ර්ධන ව්‍යාපෘති ගමට ගලා යන්න ඕනෙ. එවිට ගමේ ජන­තාව අත­රට මුදල් ගලා යනවා. එලෙස ගමේ ජන­තාව අතර මුදල් සංස­ර­ණය වී ප්‍රති­ලාභ ලැබෙන්න ඕනෙ. අපි හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ කාලයේ විශේ­ෂ­යෙන් බැසිල් රාජ­පක්ෂ මහතා සමඟ එකතු වී අපේ බලා­පො­රො­ත්තුව තිබුණේ අපේ ආර්ථි­කය ඉහ­ළින් ප්‍රසා­ර­ණය කිරීම සහ පහ­ළින් ප්‍රසා­ර­ණය කිරී­මයි. අපි එය ප්‍රායෝ­ගි­කව කළා. එවිට ගමේ පුංචි කෙනා පුංචි විදි­හට හොරා කනවා කිව්වා. ප්‍රාදේ­ශීය සභාවේ මන්ත්‍රී­ව­ර­යාගේ සිට දේශ­පා­ල­න­ඥයා හොරා කනවා කිව්වා. දේශ­පා­ල­න­ඥ­යාගේ වටේ සිටින ව්‍යාපා­රි­ක­යන් ටික හොරා කනවා කිව්වා. සංව­ර්ධන ව්‍යාපෘ­තිය සමා­නයි හොරා කෑම කියන මාතෘ­කාව ගෙනාවේ අපට හොරා හොරා කියන ලේබ­ලය ඇල­වී­ම­ටයි. ගමේ ජන­තා­වගේ ආර්ථි­කය සවි­මත් විය යුතුයි කියලා ජනා­ධි­ප­ති­ව­රයා කිය­නවා. ජනා­ධි­ප­ති­ව­ර­යා­ටත්, ඔහුගේ 159 කණ්ඩා­ය­ම­ටත් මේ ආර්ථික ක්‍රියා­ව­ලිය තේරුම් ‍ යෑම පිළි­බ­ඳව අපි හද­ව­තින්ම සතුටු වෙනවා.

සුළු පරි­මාණ ව්‍යාපා­රි­ක­ය­න්ටත්, ස්වයං රැකියා කරන පිරි­ස­ටත් පොලී රහිත ණය යෝජනා ක්‍රම­යක් සූදා­නම් කරන බව­ටත්, ඇප නැති ණය­දීමේ වැඩ­ස­ට­හ­නක් කරන බව­ටත් තව පොරො­න්දු­වක් දුන්නා. මේවා හොඳ වැඩ. ඒ හොඳ පොරොන්දු ඉෂ්ට කරන්න

Search