විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත පිරිසක් අතර සුවිශේෂී හමුවක් විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.
මෙම අවස්ථාව සඳහා ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින් Mr. Takafumi Kadono (Country Director), Ms. Lilia Aleksanyan (Senior Country Economist) සහ Ms. Uresha Walpitagama (Finance Sector Specialist) එක් විය.
එම හමුවේ මූලික අදියර ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත පිරිස අතර මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් සුවිශේෂී සාකච්ඡාවක් සිදුවූ අතර ඉන් අනතුරුව මෙරට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යපාරිකයන් සහ ව්‍යවසායකයන් නියෝජනය කරමින් පැමිණි පිරිසකට මෙම නියෝජිතයන් හමු වී ඔවුන්ගේ ගැටලු සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන ලදී.
එසේම වසායකත්වය සහ ව්‍යවසාය අප රටේ ආර්ථික වර්ධනය මෙහෙයවන එන්ජින් බැවින් ඔවුන්ව සමෘද්ධිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් අපේ රටේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායන් මෑත වසරවලදී දැවැන්ත අභියෝග රැසකට මුහුණ දුන බවත් මේ අභියෝග හේතුවෙන් මොවුන්ගේ ව්‍යාපාර රැසක් කඩා වැටුණු බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, 2022 වන විට එවැනි ව්‍යවසායන් 260,000 කට ආසන්න සංඛ්‍යාවක් බංකොලොත් වී හෝ වසා දමා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමාදස මහතා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් හමුවේ පෙන්වා දුන්නේය. 2025 දෙසැම්බර් 31 වන දින වන විට බොහෝ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ආයතන වෙන්දේසි කිරීමේ අවදානමක් ඇති නිසා මෙම ව්‍යවසායන් සඳහා උපකාර කිරීමට සහයෝගය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
NEWS CLIP 🧧 https://youtu.be/R_CGqM99gWA?si=e4TV_KmQILnxj5N5