දියුණු මට්ටමක පැවැති මෙරට සෞඛ්‍ය පද්ධතිය බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දී තිබෙන බැවින් ශල්‍යකර්මයකදී අවශ්‍ය කෙරෙන මහන නූලද රෝගියාට ගෙනියන්න සිදුවෙලා යැයි සමගි ජන බලවේගය රත්මලාන ආසන සංවිධායක සහ දෙහිවල-ගල්කිස්ස නාගරික මන්ත්‍රී වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය. එම ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ හෙතෙම එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
වසර 76 ක සාපයක් යටතේ රටේ දේශපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක වුණ බව වර්තමාන ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කළා. නමුත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය දියුණු මට්ටමකට ගමන් කරන්න රටේ සිටි දේශපාලන අධිකාරීන්, නිලධාරින්, සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සිදුකළ කැපකිරීම ඉතා විශිෂ්ඨ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශය හරහා පිළිගන්න ආණ්ඩුවට සිදුවෙලා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශය ආණ්ඩුවට එරෙහි පාරා වළල්ලක් බවට පත්වී තිබෙනවා. රටේ සෞඛ්‍ය පද්ධතීන්වල දියුණුව රටේ සිටි ආණ්ඩු, මහජනතාව වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ජාත්‍යන්තර වශයෙන් තිබෙන සංවර්ධන දර්ශක, සහශ්‍ර සංවර්ධන අරමුණු එකතු කරගෙන රටේ සෞඛ්‍ය පද්ධතිය තිබෙන තත්ත්වයට ගෙන ඒමට සමත් වී තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුව සිදුකළ 76 වසරක සාපය පිළිබඳ ප්‍රකාශය මුලින් උපුටා දමන්න ප්‍රධාන හේතුවක් වී තිබෙනවා