ගෝටාභයගේ කතරගම නිවස වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරා ගනී…

ගෝටාභයගේ කතරගම නිවස වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරා ගනී…

කතරගම මැණික් ගඟ අසල පිහිටි, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අයිති යැයි පැවසෙන නිවස ඊයේ (13) දින අධිකරණ නියෝගයක් අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබේ.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නඩු පැවරීමකින් අනතුරුව, මෙම ගොඩනැගිල්ල මීට පෙර රජයට පවරා ගෙන තිබුණි.

අධිකරණය විසින් කරන ලද මෙම පැවරීම අනුව, මොනරාගල වාරිමාර්ග අධ්‍යක්ෂ අබ්දුල් ජාබාර් මහතා එම ස්ථානය භාර ගත්තේය.

අබ්දුල් ජාබාර් මහතා සඳහන් කළේ, මෙම ගොඩනැගිල්ල රජයේ නිලධාරීන්ගේ නවාතැන් සඳහා යොදා ගනිමින් රජයට ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවයි

Search