මහින්දට – මෛත්‍රීට වෙඩි නොවදින රථ යළි දෙන්නේ කමිටුවේ තීන්දුව මතයි--මහජන ආරක්‍ෂක ඇමැති

මහින්දට – මෛත්‍රීට වෙඩි නොවදින රථ යළි දෙන්නේ කමිටුවේ තීන්දුව මතයි--මහජන ආරක්‍ෂක ඇමැති

විශ්‍රාමික ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් වෙත වෙඩි නොවදින රථ නැවත ලබාදෙන්නේ මහජන ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ඇති ආරක්‍ෂක සමාලෝචන කමිටුවේ තීන්දුව අනුව බව මහජන ආරක්‍ෂාව පිළිබඳ ඇමැති ආනන්ද විජේපාල මහතා  ඊයේ (12දා) කියා සිටියේය.

තමන්ට වෙඩි නොවදින රථ ආපසු ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් විසින් ලිඛිතව කර ඇති ඉල්ලීම්වලට අනුව එම වාහන නැවත භාරදීම මෙම කමිටුවේ නිර්දේශය මත සිදු කරන බව ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත යටතේ ඔවුන්ට ලබාදී තිබූ වෙඩි නොවදින රථ මීට පෙර නැවත රජයට ලබාගෙන තිබිණ. වෙඩි නොවදින රථ ලබාගැනීම හරහා ඔවුන්ගේ ආරක්‍ෂාවට යම් බලපෑමක් වනවා නම් එම රථ නැවත ලබාගැනීමේ හැකියාව ඇති බවද ආනන්ද විජේපාල මහතා පවසයි

Search