ඇමැති බිමල් රත්නායක මහතාගෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා යන අමාත්‍යාංශ ඉවත් කළද ඔහුට ඊටත් වඩා වැඩි වගකීමක් පවරා ඇති බවත් ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත් මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) පැවසීය.
විපක්ෂ මන්ත්‍රී ශානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා බිමල් රත්නායක ඇමැතිවරයාගෙන් වරාය විෂය ඉවත් කිරීම සතුටට හේතුවක් බවට කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා එසේ කීය.
ශානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා – අද උදෑසන වන විට මේ ආණ්ඩුව කෙරෙහි රටේ ජනතාවට යම් විශ්වාසයක් ලැබී තිබෙනවා. මොකද බිමල් රත්නායක ඇමැතිවරයාව අද උදෑසන වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයෙන් ඉවත් කරලා. අර කන්ටේනර් කේස් එක නිසාද දන්නේ නෑ ඉවත් කළේ? එතුමාව ඉවත් කිරීම ගැන ආණ්ඩුවට සුබ පතනවා,
ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා – අමාත්‍යාංශ සංශෝධනය පිළිබඳ ඉදිරියේදී පාර්ලිමේන්තුවට වාර්තා කරයි. එහෙම ඉවත් කිරීමක් නොවෙයි සිදුවෙලා තිබෙන්නේ. වඩාත් උචිත ලෙස අපේ අරමුණු කරා යෑමට යම් විෂයයන් සංශෝධන සිදු කර තිබෙනවා. තිබුණාට වඩා වැඩි වගකීමක් එතුමාට පැවරිලා තිබෙනවා. ඒක ඉදිරියේදී දැනුම් දෙයි