රටේ 25%ක් දුප්පත් වෙලා--රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන

 රටේ 25%ක් දුප්පත් වෙලා--රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන

ආණ්ඩුවේ පොහො­සත් රටක් නිර්මා­ණය කිරීමේ ප්‍රති­ප­ත්තිය නිවැ­ර­දිව ක්‍රියා­ත්මක වූවා­නම් රටේ සිය­යට 25ක් ජන­තාව දුප්පත් විය නොහැකි බව කළු­තර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන මහතා පාර්ලි­මේ­න්තුවේ දී ප්‍රකාශ කළේය.


ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශයේ සඳ­හන් කර ඇති නමුත් තව­මත් ඉටු කර නොමැති කරුණු පිළි­බඳ කල් තැබීමේ විවා­ද­යට එක්වෙ­මින් ඒ මහතා මේ බව සඳ­හන් කළේය.

එහිදී වැඩි­දු­ර­ටත් රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන මහතා මෙසේද පැව­සීය.


‘වත්මන් ආණ්ඩුව පොහො­සත් රටක ලස්සන ජීවි­ත­යක් ගත­ක­රන එක ගැන ප්‍රකාශ කළා. අපි සියලු දෙනාම ඒකට කැමැ­තියි. එව­කට ආණ්ඩුව අස­මත් වූ නිසා ජනා­ධි­ප­ති­ව­ර­යෙක් පත්කළා. ඊට පස්සේ පාර්ලි­මේ­න්තු­වට 159ක් පත්කර දුන්නා. ඊට පස්සේ පළාත් පාලන ආය­තන බහු­ත­ර­යක බලය දුන්නා. මේ බලය ලබා­දුන්නේ පොහො­සත් රටක් නිර්මා­ණය කර­න්නයි. අද ආණ්ඩුව කියන විදි­යට රජයේ, අමා­ත්‍යාං­ශ­වල වැඩ කර­ගෙන යනවා. ගමට යන්න වෙලා­වක් නැහැ. දැන් අපි විප­ක්ෂයේ ඉන්නවා. ගමේත් යනවා. හැම­දේ­ටම සම්බන්ධ වෙනවා. ගමට ගියාම ගමෙන් තොර­තුරු එනවා. ඒ අනුව පොහො­සත් රටක් ලස්සන ජීවි­ත­යක් හැදු­වාද කියලා අහ­නවා.


ලෝක බැංකුව ඊයේ ප්‍රකා­ශ­යක් කර තිබෙ­නවා. ලංකාවේ හත­රෙන් එකක් දුප්පත් බව ප්‍රකාශ කර තිබෙ­නවා. පොහො­සත් රටක සිය­යට 25ක් දුප්ප­තුන් වෙන්න විදි­යක් නැහැ

Search