පාස්කු ප්‍රහාරයේ පිටුපස ඉන්දියාව ඉන්නවා යැයි සමාජ මාධ්‍ය පුවත අසත්‍යයක් – පොලිස් මාධ්‍ය කොට්ඨාසය

  පාස්කු ප්‍රහාරයේ පිටුපස ඉන්දියාව ඉන්නවා යැයි සමාජ මාධ්‍ය පුවත අසත්‍යයක් – පොලිස් මාධ්‍ය කොට්ඨාසය

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත් එය පිටුපස ඉන්දියාව සිටින බවට මහජන ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත අසත්‍ය යැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.


එම පුවත සම්බන්ධයෙන් කරුණු දක්වමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරන්නේ 2025 ඔක්තෝබර් 08 වැනි දින පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව විසින් කරන ලද කැඳවීමකට අනුව එම කාරක සභාව හමුවේ පෙනී සිට මතු වූ කාරණා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදුන් බවත් එම අවස්ථාවේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවටත් අවධාරණය කර ඇතැයි ද එම කොට්ඨාශය පවසයි. මෙම අසත්‍ය ප්‍රවෘත්තිය ප්‍රචාරය කිරීමට කටයුතු කරන ලද පුද්ගලයන් සම්බන්ධව විමර්ශනයක් පැවැත්වීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන් බවත් මීට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ඒ මහතාගේ නීතිඥවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බවත් එම කොට්ඨාශය තවදුරටත් පවසයි

Search