හිරේ දැම්මත්, රංග පත්වුනේ දූෂිතව කියලා කියන්න මම හැමදේම කරනවා – ගම්මන්පිළ

හිරේ දැම්මත්, රංග පත්වුනේ දූෂිතව කියලා කියන්න මම හැමදේම කරනවා – ගම්මන්පිළ

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා එම තනතුරට පත්වූයේ දූෂිත මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස බවත්, ඔහු එම තනතුර දරන්නේ සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් තොරව බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා පවසනවා.

අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ,  තමන්ව සිරගත කළද, රංග දිසානායක මහතා එම තනතුරට පත්වූයේ දූෂිත මෙහෙයුමකින් බව ජනතාවට දැනගැනීමට කළ යුතු සෑම දෙයක්ම සිදු කරන බවයි.

රංග දිසානායක මහතා ඔක්තෝබර් 02 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් තමන්ට අනතුරු ඇඟවූ බව ඔහු එහිදී කියා සිටියා.

තමන් විසින් මාධ්‍ය ඉදිරියේ රංග දිසානායක මහතාට එරෙහිව කරුණු දැක්වුවහොත්, එය දූෂණ විරෝධී පනතේ 118 වගන්තිය යටතේ කොමිසමට කළ අපහාසයක් ලෙස සලකා නීතිය මගින් තමන්ට කටයුතු කරන බවට කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පැවසූ බවද ඔහු එහිදී අවධාරණය කළා.

ගම්මන්පිළ මහතා සඳහන් කළේ, මෙම ප්‍රකාශය හරහා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දූෂණ විරෝධී පනත ගැන නිසි අවබෝධයක් නොමැති බව ප්‍රදර්ශනය කළ බවයි.

සිය ඉතිහාසය පිළිබඳව නොදැන රංග දිසානායක මහතා තමන්ට අනතුරු අඟවන බව පැවසූ උදය ගම්මන්පිළ මහතා , තමන් ජනාධිපතිවරු හය දෙනෙකු සමඟ දූෂණයට එරෙහිව සටන් කළ  කෙනෙක් බවත්,  දූෂණයන්ට එරෙහිව සටන් කර දෙවරක් ඇමති ධූර අහිමි කරගත් අයෙක් බවත් එහිදී කියා සිටියා.

Search