මහරගමා අපෙක්ෂා රොහල ඇතුළු දිවයිනේ පිළිකා වෛද්‍ය ප්‍රතිකාර සිදු කරන රෝහල් රැසක නවතම පිළිකා වෛද්‍ය ප්‍රතිකාර වලට ලක්වීම සඳහා පහසුකම් සීමා වීම නිසා පිළිකා විකිරණ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදුවන ප්‍රමාණය ඉහළ යාමෙන් එම රෝගීන්ගේ ජීවිතාව තුළට පත්වීමේ අවධානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
දැනටමත් රෝගීන් පෙන්වා දෙන අන්දමට මාරගම පිළිකා රෝහලේ අයිඩින් වෛද්‍ය ප්‍රතිකාරය සඳහා මාස හයකට පමණ කාලසීමාවක් බලා සිටීමට සිදුවන බව ඔහු පෙන්වා දෙයි.
මේ අන්දමට පිළිකා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනව රැඳී සිටින විට පිළිකාව වර්ධනය වී රෝගී මිය යාමේ අව තහනම ඉහළ යන බවද සඳහන් කරන අතර මුදල් ඇති රෝගීන් පමණක් පෞද්ගලික අංශයේ ඉතා ඉහළ මිල ගණන් ගෙවා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවද සඳහන් කරයි.
අලුතෙන් පිළිකා වෛද්‍ය ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීම සඳහා භාණ්ඩාගාරයේ සහ ආසියානු සංවර්ධන බැංකුව මුදල් වෙන් කොට ඇතත් එම ප්‍රසම්පාදන යාන්ත්‍රණ වල පවතින ප්‍රමාදය නිසාද රෝගීන්ට නවත්තම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අපහසුතා නිර්මාණය වී පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය