ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා දරුවන්ගේ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් බවට පත් කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා දරුවන්ගේ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් බවට පත් කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දරුවන්ගේ මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීම කෘරත්වයෙන් හිංසනයෙන් තොරව දරුවන් රැකබලා ගැනීම කායික මානසික දණ්ඩනයට ලක් නොකිරීම ශීලාචාර ශිෂ්ටසම්පන්න ජන සමාජයක මනුෂ්‍යත්වය රජයන යුගයක මේ සම්බන්ධයෙන් විවාදයක් නොමැති බවත් දූදරුවන්ට හිංසනයෙන් තොරව ජිවිතයක් උදා කරවීමට සියලු දෙනාම එකග වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමෙ මූලධර්ම හා මූලික යුතුකම් යන 6 වැනි පරිච්ඡේදයෙන් ළමයින් හා යෞවනයෙන් කායික, මානසික, සදාචාරාත්මක වශයෙන් ශක්තිමත් කිරීම රජයේ යුතුකමක් බවත් 6 වැනි පරිච්ඡේදයේ සදහන් අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 පරිච්ඡේදයෙන් අහිමි වන නිසා මේ 6 වැනි පරිච්ඡේදයේ සදහන් අයිතිවාසිකම් මූලික හා මානව අයිතිවාසිකමක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ළමා හා යෞවනයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් විවාදයට එක්වෙමිනි.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන නිසා ඒ තුළින් ළමා හා යෞවනයන්ගේ අයිතිවාසිකම් ද මූලික අයිතිවාසිකමක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය වී ඇත්තේ බටහිර කේන්ද්‍රීයව බැවින් මෙහි දී අප සලකා බැලිය යුත්තේ සමූහයක් ලෙස මානව අයිතිවාසිකම් යන මාතෘකාව දෙස බල දේශපාලන, සිවිල් අයිතිවාසිකම් ඇතුළුව ආර්ථික සමාජීය සංස්කෘතික ආගමික ජීවත් වීමේ අයිතිය ද අධ්‍යාපනය සෞඛ්‍ය ආදිය ද ඇතුළත් විය යුතු බවත් පැවසීය.

දූදරුවන්ට කෘරත්වයෙන් හිංසනයෙන් කායික මානසික දණ්ඩනයෙන් තොරව ජීවත් වීමේ අයිතිය ඇති බවත් ශීලාචාර ශිෂ්ටසම්පන්න සමාජයක් නිර්මාණය කිරීමේ දී වැඩිහිටියන්ට ද කාර්යභාරයක් ඇති බවත් මේ සත්භාවය යන වචනයට මීට වඩා වැඩි විග්‍රහයක් තිබිය යුතු බවත් මේ සත්භාවය හරහා කෘරත්වය සිදු නොවිය යුතු බවත් පෙරපාසලේ සිටම මේ ගැන සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*පෙරපාසල් අධ්‍යාපනය ගැනත් සිතිය යුතුයි*

උපතේ සිට අවුරුදු 5 දක්වා 70%ක මොලයේ වර්ධනයක් වන බවත් මේ කාලයේ අප රටේ ඇත්තේ අවිධිමත් පෙර පාසල් ක්‍රමයක් බවත් පාසලේ ගුරුවරයාගේ ගුරුවරියගේ නිවසේ දෙමාපියන්ගේ වගකීම ගැන සිතිය යුතු බවත් දරුවන් ශීලාචාර, යුක්තිගරුක විනයගරුක තරුණයෙක් පුරවැසියෙක් බවට පත් කිරීමේ ක්‍රියාදාමය තුළ හොද නරක කියාදීමේ ක්‍රියාදාමය ගැන ගැඹුරින් සිතා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

*රටේ ජනගහනයෙන් 50%ක් දුප්පත් නම් දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන්නේ කෙසේද?*

ආහාර සුරක්ෂිතභාවය නැතිව දරුවන්ගේ අයිතිය ආරක්ෂා කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් රටේ ජනගහනයෙන් 50%ක් දුප්පත් වන විට දරුවන්ගේ අයිතිය ආරක්ෂා කරන්නේ කෙසේද කියා ගැටලුක් ඇති බවත් කෘෂවීම මිටි වීම මන්දපෝෂණය අඩුබර, මාතෘ පෝෂණය දරුවන්ට බලපාන බවත් ඒ අයිතිවාසිකම් ද සුරක්ෂිත කළ යුතු බවත් මේ ඇති කර ගත් අයිඑම්එෆ් ගිවිසුමේ විධිවිධාන තුළ දරුවන්ගේ ආර්ථික අයිතිය ශක්තිමත් වනවාද කියා ගැටලුවක් ඇති බවත් අයිඑම්එෆ් ගිවිසුම අවශ්‍ය වුවත් මේ නිසා පවුල් මත ඇතිවන පීඩනය නැති විය යුතු බවත් එය වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණත් එය නොවූ බවත් අන්ත සමාජවාදය තුළ අන්ත ධනවාදය තුළවත් දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා නොවන බවත් මේ සදහා උදාහරණ ලෝකයේ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*රටට අවශ්‍ය මැද මාවත පමණයි*

බඩගින්නෙන් කුසගින්නෙන් තොර ජිවිතයක් දරුවන්ට අවශ්‍ය බවත් ඒ සදහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළෙදපොළ මැද මාවත අවශ්‍ය වුවත් රජය නවලිබරල්වාදී මුලධර්ම මත පදනම් වූ අයිඑම්එෆ් ගිවිසුම අනුමත කිරිම නිසා දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් මානුෂීය ධනවාදයත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මුසු කර ගත් මැද මාවතක් කරා ය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

*මත්රකුසාගෙන් අපේ දරුවන් බේරා ගත යුතුයි*

කාලයක් පුරා අප රටේ පාසල් පද්ධතිය මත් රකුසා ගිලගෙන ඇති බවත් ඊෂි කෑෂ් හරහා මත්ද්‍රව්‍ය පැතිරෙන බවත් සෑම විටම මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනයට දැඩි පියවර ගත යුතු බවත් එය දරුවන්ගේ මානව අයිතිවාසිකම් සුරැකීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

https://youtu.be/a2ApGGe4laU?si=9h_FG8NXJYX6hKSE

Search