මධ්‍යම සංස්කෘතික අරමුදලේ වරදක් වෙලා කියලා නැවත නැවත කමිටු දදා බොරු කරන්න එපා. - පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ආණ්ඩුවට අභියෝග කරමින් පවසයි*

මධ්‍යම සංස්කෘතික අරමුදලේ වරදක් වෙලා කියලා නැවත නැවත කමිටු දදා බොරු කරන්න එපා. - පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ආණ්ඩුවට අභියෝග කරමින් පවසයි*

සංස්කෘතික අරමුදලේ මිලියන 8000ක වංචාවක් වී ඇති බවට රජය විසින් පත් කළ කොමිෂන් සභාවක් මගින් සොයා ගෙන ඇති බවට නියෝජ්‍ය සංස්කෘතික ඇමති ගමගෙදර දිසානායක මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් කර ඇති බවත් මේ චෝදනාව පසුගිය රජයත් මේ රජයත් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් දිගින් දිගටම මතු කළ බවත් ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රකාශය අනුව මේ කාරක සභාව 2025 ජූලි 15 වැනිදා අ.ම.ප./25/1154/802/018 යන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවත් ඒ අනුව 2007 සිට 2020 දක්වා කාලසීමාවේදී ආගමික ස්ථානවල විවිධ කටයුතු සදහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මූල්‍ය ආධාර ලබා දීමේ දී සිදුවූ අක්‍රමිකතා සොයා බැලීමට පත්කර ඇති බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම කමිටුව මාස 2ක් තුළ වාර්තා ඉදිරිපත් කළ යුතු බවත් එවැනි වාර්තාවක් ඇත්නම් සභාව දැනගත යුතු නිසා මේ කමිටුව මාස 2ක් ඇතුළත වාර්තාවක් සකස් කර ඇත් නම් ඉදිරිපත් කරන ලෙසට අභියෝග කරන බවත් එසේ නොවන්නේ නම් මන්ත්‍රිවරුන් සදහා වන ආචාරධර්ම සංග්‍රහය අනුව දඩුවම් ලැබිය යුතු වරදක් බවත් මේ ගැටලුව ගැන වසන්ත ජිනදාස මහ අධිකරණ විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හරහා පරීක්ෂණයක් සිදු කළ බවත් එම පරීක්ෂණ වාර්තාව ඇති බවත් එම නිසා වැරදි නොකරන අයට අසත්‍ය චෝදනා නොකරන ලෙසත් මේ වාර්තාවේ පවා එය සදහන් බවත් හෙතෙම පැවසීය.

මීට පෙර ගාමිනී සරත් එදිරිසිංහ, ගෝඨාභය ජයරත්න, හරිගුප්ත රෝහණධීර කමිටුව මගින්ද පුද්ගල ඉලක්ක චෝදනාවක් හෝ වංචාවක් සොයා ගෙන නැති බවත් අල්ලස් කොමිසමට යොමු කළ පසු 2022.11 දින දරන නියෝගය අනුව අල්ලස් පනත යටතේ කටයුතු කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති නිසා ඉදිරි කටයුතු සිදු නොකිරීමට තීරණය කර ඇති මොහොතක කමිටු පිට කමිටු දැමුවත් අද වන තුරු වරදක් සොයාගත නොහැකි වී ඇති බවත් වගකිවයුතු නියෝජ්‍ය ඇමතිවරයකු ලෙස මේ කමිටු වාර්තාව ඉදිරිපත් කරන්න හෝ සමාව ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.



https://youtu.be/5I6OjljLvBA?si=IkvbBIBJAGrlgJnz

Search