පාර්ලිමේන්තු මුළුතැන්ගේ මිනිස් පාරිභෝජනයට නුසුදුසු රසකාරක මෙන් ම මීයන් කැරපොත්තන් ගිය පාරවල් තිබෙන බවත් වසර හතළිහක් යනතුරු ඊට කිසිදු වෛද්‍ය නිලධාරියෙකුට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ඇතුළු වීමට අවසර නොදී ඇති බවත් කතානායක ජගත් වික්‍රමරත්න චෝදනා කළේ ය.
යම් හෙයකින් මෙම ආහාර ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ට උදරාබාධ ඇතිවුවහොත් එය දැඩි ප්‍රශ්නයක් මෙන් ම පාර්ලිමේන්තුවට පැමිණෙන තානාපතිවරුන් ඇතුළු විශේෂ අමුත්තන් ද ඉන් ආහාර ගන්නා නිසා විශාල අර්බුදයක් වුවද එයින් නිර්මාණය විය හැකි බව කතානායකවරයා කීය.
පාර්ලිමේන්තු මුළුතැන්ගෙය පරීක්ෂා කිරීමට බත්තරමුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සහ වෛද්‍ය නිලධාරියෙකු පසුගිය අප්‍රේල් මාසයේ පැමිණියේ වසර 40කට පසු බවද ඔහු පැවසුවේ, උත්සව සභාවක් අමතමිනි.
ඊට අදාළ වාර්තාව පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාවට ඉදිරිපත් කළ නමුත් මෙතෙක් මාධ්‍යවලට ඉදිරිපත් කර නොමැති බව කතානායකවරයා පෙන්වා දුන්නේ ය.
මීට වසර කිහිපයකට පෙර පාර්ලිමේන්තු මුළුතැන්ගේ දුටු දෙයක් හේතුවෙන් අදටත් තමා සලාද කෑම නවතා ඇති බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, මෙම අක්‍රමිකතා නතර කිරීම ආරම්භ කර ඇති බවත් නිලධාරීන් ද මේ පිළිබඳව සතුටින් සිටින බව කතානායකවරයා වැඩිදුරටත් පැවසුවේය