විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පුරා දින
17 තිස්සේ ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියා මාර්ගය තවදුරටත් දැඩි කරමින් අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රියාවලීන්ට සම්බන්ධ වීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති තීරණය කර ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති ඉකුත් සැප්තැම්බර් 04 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබීය.
ලංකා විදුලිබල මණ්ඩලය අවිධිමත් ලෙස ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය නතර කිරීම, හිඟ දිරි දීමනා ලබාදීම, නියමිත උසස්වීම් ලබාදීම, ඇතුළු ඉල්ලීම් 24 ක් මුල් කරගෙන මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග දියත් කර තිබේ.
වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කර දින 17 ක් ගතව ඇතත් මෙතෙක් සිය ඉල්ලීම් ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලබාදීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වී ඇති බවට විදුලි වෘත්තිය සමිති නායකයෝ චෝදනා කරති.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් පාලකයින් තවදුරටත් මුනිවත රකින්නේ නම් මහා වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සිදුවන බව වෘත්තිය සමති නායකයෝ කිහිප දෙනෙක් පැවසූහ