වත්මන් රජය සංවිධානාත්මක ක්‍රමවේදයක් තුළ මේ රටේ එක් පක්ෂයක් පමණක් පාලනය කරන රජයක් මෙන්ම රාජ්‍යයත්වයක් නිර්මාණය කරමින් යන බවත් මොවුන් මරණාධාර සමිතිය, ගොවි සමිතිය, ධිවර සමිතිය, යෞවන සමාජයේ සිට දායක සභාවේ පාලනය දක්වා පාලනය සියතට ගැනීමට උත්සාහ කරමින් සිටින බවත් කුලගණ සමිතියේ සිට සෑම සමිතියකයම පාලන බලය බලහත්කාරයෙන් අතට ගනිමින් යන බවත් මේ වන විට ස්වාධීන සිවිල් ආරක්ෂක කමිටුවට පවා දේශපාලන පත්වීම් කරමින් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය හමුවූ අවස්ථාවේදීය.
සිවිල් ආරක්ෂක කමිටු ඇති කළේ ජනතාවගේ ආරක්ෂාවට බවත් එහි සෑම පක්ෂයකම සාමාජිකයන් එකට අත්වැල් බැදගෙන සිටියත් අද වන විට සිවිල් ආරක්ෂක කමිටුවට ලැයිස්තුව එන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා හරහා බවත් ගමේ හොඳ සංවිධානයක් ඇත්නම් කටකාර වැඩකාර කණ්ඩායම් ඇත්නම් මෙවැනි අසාධාරණ පත්වීම් නැවැත්විය හැකි බවත් සාධාරණව සෑම පක්ෂයක්ම නියෝජනය විය යුතු යැයි කියූ තැන්වල රජයේ මේ කූඨ උත්සාහයන් පැරදී ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එබැවින් නිහඩව සිටියොත් ආණ්ඩු පාර්ශ්වය සියලු දේ ඩැහැගන්නා නිසා මේ මර්දනකාරී වැඩපිළිවෙළට විරුද්ධව සංවිධානය වී පෙළගැසිය යුතු බවත් එසේ වුවහොත් වත්මන් රජය අපේක්ෂා කරන එක පක්ෂයක් පමණ රාජ්‍යයත්වයක් පාලනය කරන සංකල්පය ජනතාවගේ ලෙස පරාජය කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
https://youtu.be/eX4c2al2Pbs