2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, ලබන වසරේ රජයේ ඇස්තමේන්තුගත පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 4,545 ක් ලෙස දැක්වෙයි.
එය මෙම වසරේ මුළු ඇස්තමේන්තුගත වියදම වන රුපියල් බිලියන 4,516 ට සාපේක්ෂව රුපියල් බිලියන 71 ක අඩුවීමකි.
එසේම ලබන වසර සඳහා රුපියල් මිලියන 11,377 ක් වෙන් කර ඇති අතර, එය මෙම වසරේ (රුපියල් මිලියන 8,992) ට සාපේක්ෂව රුපියල් මිලියන 2,385 ක වැඩි වීමක් පෙන්නුම් කරයි.
කෙසේවෙතත් ලබන වසර සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා රුපියල් මිලියන 975 ක් වෙන් කර තිබෙන නමුත් එය මෙම වසරේ (රුපියල් මිලියන 1,170) ට සාපේක්ෂව රුපියල් මිලියන 195 ක අඩුවීමකි .
තවද විසර්ජන පනත් කෙටුම්පතට අනුව, වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට වන අතර එහිදි වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 634,782 කි.. කෙසේ වෙතත්, මෙය මෙම වසරේ (රුපියල් මිලියන 660,977) ට සාපේක්ෂව අඩුවීමක් වීමක් පෙන්නුම් කිරීමද විශේෂත්වයකි