සමගි ජන බලවේගයට එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට ඊයේ(16) දින සවස රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන්.
එබැවින් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී පැන නැගිය හැකි නීතිමය පසුබිම සොයා බැලීමට හිටපු නීතිපති සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපනගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටද එම අවස්ථාවේ දී පියවර ගෙන තිබෙනවා.
වසන්තගේ වත්කම් එක්ක බලද්දි රාජපක්‍ෂ පවුලටම එල්ල වූ මුල්‍ය චෝදනා කියන්නේ සොච්චමක්, කාසිලිංගම්ගෙන් සටහනක්
ඒ අනුව එජාප සභාපති වජිර අබේවර්ධන සඳහන් කළේ සමගි ජන බලවේගයට එක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත් මෙම පියවර හේතුවෙන් නැවත එක්සත් ජාතික පක්ෂය හා එක් වී සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ බාධක ඉවත් වූ බවයි.
මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පවත්වා තිබුණා.
එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පොදු සන්ධානයකින් කටයුතු කිරීම සඳහා සහභාගී වූ සියලු පාර්ශ්ව වෙත ස්තුතිය පළ කිරීමේ යෝජනාවක්ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සම්මත වී ඇති බව වාර්තා වුණා