වත්මන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් 6 දෙනකුගේ වත්කම් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.
සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන ජාමුණි කාමන්ත විසින් සිදුකර ඇති මෙම පැමිණිල්ලට අනුව බිමල් රත්නායක, සුනිල් වටගල, සුනිල් හදුන්නෙත්ති, නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ සහ කුමාර ජයකොඩි යන ඇමැතිවරුන්ගේ වත්කම් විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටි.
මෙම පැමිණිල්ල තමන් සිදු කළේ මැති ඇමතිවරුන් හෝ ආණ්ඩුව අපහසුතාවයකට පත් කිරීමට නොවන බවත් ඇමතිවරුන්ගේ වත්කම් පිළිබඳව සත්‍ය තොරතුරු දැන ගැනීමට ඡන්ද දායකයින්ට තිබෙන අයිතිය තහවුරු කිරීම සඳහා බවත් ජාමුණි කාවන්ත මහතා පවසයි.
වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු බලයට පත් කර ගැනීම සඳහා ඡන්ද දායකයින් ආර්ථික වශයෙන් මෙන්ම වෙනත් ක්‍රම ක්‍රම වේද ඔස්සේ ඔවුන්ට උදව් උපකාර සිටු කළ බව ඒ මහතා සිහිපත් කළේය.
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වන වසන්ත සමරසිංහ මහතාටද ඡන්ද දායකින් උදව් උපකාර කර ඇති බව
පෙන්වා දෙන ජාමුණි කාවන්ත මහතා සමරසිංහ මහතා සතුව රුපියල් කෝටි 27 කට වැඩි වත්කම් ප්‍රමාණයක් ඇති බව මේ වන විට හෙළි වී ඇතැයි පැවසීය.
ඡන්ද දායකයින් ඔහුට උදව් කළේ මෙතරම් වත්කම් ප්‍රමාණයක් ඔහු සතුව ඇති බව නොදැන විය හැකි බවත් එසේ නම් ඔහු ඇතුළු අනෙකුත් ඇමතිවරුන් වත්කම් උපයා උපයාගත් ආකාරය පිළිබඳ පැහැදිලි නිරවුල් තොරතුරක් විමර්ශනයක් තුළින් රටට හෙළි කිරීමට අවස්ථාව සලසා දිය යුතු බවත් ජාමුණි කාවන්ත මහතා වැඩිදුරටත් පැවසීය