අප රටේ ගොවිතැන අද දුෂ්කර වී ඇති බවත් ඉහළ ගුණාත්මක පොහොර මෙන්ම පොහොර සහනාධාර නොලැබෙන බවත් දරාගත හැකි මිලකට කෘෂි රසායන නොලැබෙන බවත් උපකරණ මිල වැඩි වී පිරිවැය වැඩි වී ඇති මොහොතක අලි මිනිස් ගැටුම නිසා ද බරපතල ගැටලු රැසකට මුහුණ දෙමින් වගා කටයුතු කළත් අද අස්වැන්න සඳහා නිශ්චිත මිලක් පවා නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.
වී කිලෝවට රු. 120ක සහතික මිල අපේක්ෂා කළත් මැතිවරණ සමයේ දී නම් සහතික මිල රු 150ක් කර නීති මගින් සනාථා කරනවා කිව්වත් අද තෙත වී ටික ගන්නේ රු 90-95ට බවත් අද සහතික මිල මහපොළොවේ යථාර්ථයක් වී නැති බවත් පොහොර සහනාධාරය නොමැතිව තෙල් පොහොර කලට වේලාවට නොමැතිව ගැටලු රැසකට මුහුණ දෙන බවත් මේ දුෂ්කරතා මැද වගා කටයුතු කළත් කුණු කොල්ලයට වී ටික ගන්නා තැනට රට පත්ව ඇති බවත් පොහොසතුන් ගොවියාගේ වී ටිකෙන් පවා සූරා කන තැනට රට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව බව කියා සිටියේ අද අනුරාධපුර විලච්චිය කොට්ඨාසයේ මැද ඔයාමඩුව ගම් පියසේ පිහිටි ශ්‍රී උත්තරවාසී විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද යසෝදරා මහතෙරෙනියන් වහන්සේගේ පිළිරුව කුටිය සහ පත්තිනි දේවාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ සඳහා ධන පරිත්‍යාගය ඔස්ට්‍රේලියාවේ පදිංචි ගුරුගේ ඉරෝෂා දයානි මහත්මිය විසින් සිදු කරන ලදී.*
මේ නිසා රටේ දුප්පත්කම නිර්මාණය වී බරපතල ගැටලු රැසක් මතුව ඇති බවත් මිල මුදල් නොමැතිව පාරිභෝජනය නිෂ්පාදනය ඉතිරි කිරීම හා අපනයන අඩු වී ඇති බවත් 2028 සිට වාර්ෂිකව ඇ ඩොලර් බිලියන 5.6ක ණය ගෙවන්න නම් ආර්ථික වර්ධනය 5% විය යුතු වුවත් එසේ නොවන බවත් මේ ප්‍රශ්න ගැටලුවට උත්තර විසදුම් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*නිදහස් සෞඛ්‍ය නමට විතරයි..රට පුරා බරපතල ඖෂධ හිඟයක්*
අද වන විට රටේ බරපතල ඖෂධ හිඟයක් ඇති බවත් රජයේ රෝහල්වල පවා බෙහෙත් නොමැති බවත් ඒ නිසා පෞද්ගලික ෆාමසිවලින් විශාල මුදලක් ගෙවා බෙහෙත් ගැනීමට සිදුව ඇති බවත් බරපතල රෝගී තත්ත්වයෙන් පෙළෙන ජනතාවට නොමිලේ ඖෂධ ප්‍රමාණවත් තරම් දෙන්න බැරි නම් නිදහස් සෞඛ්‍ය ප්රතිපත්තියෙන ඵලක් නැති බවත් නොමිලේ කියා මුදලට බෙහෙත් දීම අසාධාරණ බවත් සෞඛ්‍ය අධ්‍යාපනය මෙන්ම ගොවිතැනද මූලික හා මානව අයිතියක් බැවින් ඒ සඳහා උපරිම සහයෝගය දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
*රජයට ගොවියා මතක් වුනේ මැතිවරණ සමයේ විතරයි*
අද වන විට ගොවියා අමතක වූවාට මැතිවරණ සමයේ ගොවියා රවටා ජන්දය ගන්න කටයුතු කරන බවත් ඔවුන් එසේ කළත් සමගි ජන බලවේගය බලයත් ඇතුවත් නැතුවත් ගොවියා සුරකින්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*බුදුදහමට දෙන මුල් තැන වචනයට පමණක් සීමා කරන්න එපා*
බුදුදහම රටෙ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල් තැන ලබා දෙන බවත් එය වචනයට පමණක් සීමා නොකර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*බුදු දහම ප්රමුඛ සෙසු ආගම් සුරක්ෂිත කරමු*
බුදු දහම සුරක්ෂිත කරනවා සේම සෙසු ආගම්වලටත් හිමි නිසි තැන ලබා දිය යුතු බවත් අද මේ විහාරයේ පෞද්ගලික ධානපතීන් විසින් සංවර්ධන කරන්නේ බුද්ශසාසන අමාත්‍යාංශයකින් බුද්ධසාසන අරමුදලකින් සිදු විය යුතු දේ බවත් මෙය ගෞරවනීය ප්රශස්ත ප්රබුද්ධ ක්‍රියාවලියක් බවත් මේ සදහා කැපව සියලු දෙනාට සිය ස්තූතිය පිරිනමන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*ගොවි ජනතාව ශක්තිමත් කරන්න ඔස්ට්‍රේලියානු ධනවතුන්ගේ සහාය ලබා දෙන්න*
එසේම විලච්චිය වැනි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති දුෂ්කරම බලප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 17ක දුෂ්කර දිවියක් ගත කරන ජනතාව සිටින නිසා මේ ගම් 17ට ඔස්ට්‍රේලියාවේ ධානපතියන් 17ක් සම්බන්ධ කර ඔවුන්ගේ ගොවිතැන ව්යවසාව ක්‍රියාවලියක් ජීවනාලියක් බවට පත් කරන්න ප්‍රාග්ධන සවියක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් වගා කටයුතු කිරීමට සහන ක්‍රමයකට ණය ආධාර ලබා දී චක්‍රීය මුදල් බවට පත් කර අරමුදල් 17ක් ඇති කර ජීවනෝපාය ශක්තිමත් කරන්න යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.
https://youtu.be/Sv2LADUwe2I?si=MIQR4B9bNfkVHBE-