COPA සභාපති ධුරය කබීර් හෂීම්ට

COPA සභාපති ධුරය කබීර් හෂීම්ට

පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු කබීර් හෂීම් මහතා තේරී පත්වී ඇත.


රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුට කබීර් හෂීම් මහතා පත්කරගෙනන තිබේ.

සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල යෝජනා කළ අතර එය ස්ථිර කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසිනි.

අනතුරුව කාරක සභාව අමතමින් නව සභාපතිවරයා කියා සිටියේ දේශපාලන මතවාදවලින් තොරව සියලු දෙනාගේ සහයෝගය ඇතුව මධ්‍යස්ථව කටයුතුකරන බවයි

Search