ලොව සෙසු රටවල විශ්‍රාමික නායකයන්ට වරප්‍රසාද ලබා දෙන්නේ ඔවුන් රටට කළ සේවය සලකා බවත් මෙරට නායකයන් ජනතා මුදල් සොරාකෑම මිස රටට එවැනි සේවයක් සිදුකර නොමැති බවත් අධිකරණ අමාත්‍ය සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.
“1986 ජනාධිපති හිමිකම් වරප්‍රසාද පනත අහෝසිය වෙනුවෙන් අද මේ පනත ඉදිරිපත් කරනවා. අපිට ශ්‍රේෂ්ඨ විනිසුරුවරයෙක් හිටියා වීරමන්ත්‍රී කියලා. රජෙක් වේවා ජනාධිපති කෙනෙක් වේවා බලය පාවිච්චි කිරීම කළ යුත්තේ බාරකාරයා මිස අයිති කාරයා නොවේ කියලයි. අපේ ජනාධිපතිවයාගේ සිට සියලු දෙනා කියන්නේ ජනතාවගේ කිසිදු මුදලක් අවශ්‍ය නැහැ කියලයි. අපි බාරකරුවන් පමණයි.
ජනාධිපති විශ්‍රාම වැටුපට සිදුවන්නේ කුමක්ද කියලා ඉදිරියේදී සලකා බලන්න පුළුවන්. නමුත් නිල නිවෙස නොමැති නම් විශ්‍රාම වැටුවෙන් තුනෙන් එකක මුදලක් දුන්නා. නමුත් මේ දේවල් කිරීම යුක්ති සහගතද? නැද්ද? මේ පනත හොඳ නැහැ. ජනතාවගේ මුදල් සොරා කනවා. මේ බලය අවභාවිත කරනවා. අපි කියපු දේවල් කරන ආණ්ඩුවක්. පරණ පනත තිබෙනවා නම් අවභාවිත වළක්වන්න බැහැ. ඒ පනත මඟින් ජනාධිපති ආර්යාවන්ටද වරප්‍රසාද හිමිවෙනවා.
ආරක්ෂාව සම්බන්ධයෙන් මේ පනතේ සඳහන් වන්නේ නැහැ. ආරක්ෂාව ගැන ගැටළු තිබෙනවා නම් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත වැඩිකර ගන්න පුළුවන්. මේ පනත අවභාවිත වන එක වළක්වා ගතයුතු වෙනවා.මේක තිබුණොත් තමන්ගේ හැන්දෙන් තමන්ම බෙදා ගන්න එකයි සිදුවන්නේ. අද සාර්ථකව ආර්ථිකය ඉදිරියට යනවා. අද පාලකයන් අනෙකුත් පුද්ගලයන් වගේ ජීවත් වෙනවා. ආර්ථික ප්‍රගතිය මේ වන විට කැපී පෙනෙන ප්‍රගතියක් ලබා තිබෙනවා. ලංකාවේ තත්ත්වය බැලීමේදී ආණ්ඩුවේ උත්සාහය වේගවත් සහ අරමුණු සහගත වෙනවා. ඉදිරියේදී සියයට 02 කින් ආණ්ඩුවේ ආදායම වර්ධනය වැඩිකර ගන්න පුළුවන්.
නීතියට උඩින් ඉන්න කිසිවෙකු අපිට අවශ්‍ය වන්නේ නැහැ. විශ්‍රාම වැටුප් දෙන්න අවශ්‍යයි කියා ඇතැමුන් කියනවා. ඇතැම් රටවල ජනාධිපතිවරුන්ට විශ්‍රාම ගිය පසුවද වරප්‍රසාද හිමිවෙනවා. ඒ ඔවුන් රටට යම්කිසි සේවයක් කරන නිසයි. රටේ ප්‍රගතිය වෙනුවෙන් යමක් කරනවා. එංගලන්තය, ජර්මනිය වැනි රටවල එවැනි තත්ත්වයක් තිබෙනවා. ඒ අය කුමක් හෝ දායකත්වයක් ලබාදෙනවා. නමුත් අපේ රටේ එවැන්නක් සිදුවන්නේ නැහැ. රටට දෙන දායකත්වය කුමක්ද?
බදු ගෙවන මිනිසුන්ගේ මුදල්වලට ඒ දේ කරන එක සාධාරණ නැහැ. මේ තත්ත්වයන් යටතේ අපි තීන්දු කළා මෙවැනි වියදම් අපි කළ යුතු නැහැ කියලා. ලොකු ආර්ථික අපහසුතාවයක් තිබෙනවා නම් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. ඇතැම් අයට තමන්ගේ දෙමාපියන්ට සලකන්න කියන්න බැහැ. අපි ජනතාවට දුන් පොරොන්දුව අනුව මේ පනත අහෝසි කර ජනතාවගේ බදු මුදල් ආරක්ෂා කරන්න පියවර ගන්නවා.”
ඇමති හර්ෂණ නානායක්කාර මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට (11) එකතු වෙමිනි