ආනයනික ලොකු ලූණු සහ අර්තාපල් සඳහා බදු පැනවීමයි සීනි බදු වංචාවයි එක හා සමානයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ආනයනික ලොකු ලූණු සහ අර්තාපල් සඳහා බදු පැනවීමයි සීනි බදු වංචාවයි එක හා සමානයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රජය විසින් ලංකාවේ ලොකු ලූණු සහ අර්තාපල් කර්මාන්තය ආශ්‍රිතව ජීවනෝපය කරනා ජනතාවට සහන සලසනවා කියමින් 2025 අගෝස්තු 25 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මඟින් ආනයනික ලොකු ලූණු සදහා කිලෝවලට රු. 10 සිට 50 දක්වාත් අර්තාපල් කිලෝවක් සදහා රු. 60 සිට 80 දක්වාත් විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද වැඩි කර ඇති බවත් මෙම බදු වැඩි කිරීම මඟින් ලක්ෂ 220ක් පාරිභෝගික ජනතාවට අතිරේක බර පැටවීමක් සිදුව ඇති බවත් මෙමඟින් අර්තාපල් සහ ලොකු ලූණු ගොවියා ආරක්ෂා වුනාද කියා බොහෝ දෙනා ප්‍රශ්න කරන බවත් ආර්ථික අර්බුධයෙන් පසු දරිද්‍රතාව මිලියන 7ක් දක්වා ඉහළ ගිය තත්ත්වයක් තුළ රජයේ මේ පියවර සමාජයේ වැඩි වශයෙන් විවේචනයට ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු සදහා රජය පනවා ඇති බද්ද සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.*

දැනට ලංකාවේ ලොකු ලූණු සහ අර්තාපල් වගා කරන ගොවීන් සංඛ්‍යාවත් ඔවුන් සාර්ථක ලෙස අස්වනු ලබා ගන්නා කාලයත් එම කාලය ඇතුළත්ව 2024 වසරේ දේශීය නිෂ්පාදනය කළ ලොකු ලූණු සහ අර්තාපල් ප්‍රමාණයත් එම නිෂ්පාදනය දේශීය ලොකු ලූනු සහ අර්තාපල් නිෂ්පාදනය කොපමණ ප්‍රමාණයක් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රශ්න කර සිටියේය.

එසේම SCL හෙවත් විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද හරහා වාර්ෂිකව අර්තාපල් ලොකු ලූණු ගොවීන්ට ලැබෙන සහනය ඉදිරිපත් කරන ලෙසත් මේ සහන තුළින් සමස්ත අර්තාපල් සහ ලොකු ලූණු ගොවියන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් හිමි වන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් 2007 වසරේ සිට වාර්ෂිකව මෙරටට ආනයනය කරන ලොකු ලූණු සහ අර්තාපල් ප්‍රමාණය ඒ සදහා අය කළ වාර්ෂික බදු ප්‍රතිශතය සහ ආදායම ඉදිරිපත් කරන ලෙසත් පැවසීය.

තවද 2025 අගෝස්තු මාසයේ බදු වැඩි කිරිමට පෙර රට තුළ ගබඩා කර තිබූ ආනයනික ලොකු ලූණු සහ අර්තාපල් ප්‍රමාණයත් වෙළදුන්ට අයතා ලාභයක් ලැබීමට මෙය අවස්ථාවක් බවත් එම නිසා මෙය පසුගිය රජය සමයේ සිදු කළ සීනි බදු වංචාව හා සමාන ක්‍රියාවක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ලොකු ලූණු සහ අර්තාපල් සදහා බදු පැනවීමට පෙර ආහාර සුරක්ෂිතතා කමිටුව ජාතික බදු ප්‍රතිපත්ති කමිටුව මගින් මෙම බදු වැඩි කිරීමේ අනුමත කිරීමේ ක්‍රියාවලියේ දී අනුගමනය කළ නිර්නායක ඉදිරිපත් කරන ලෙසයි.

සීමිත තෝරාගත් ප්‍රමාණයකට බදු පැනවීමෙන් සෑම විටම අතරමැදි ගැනුම්කරුවන් කිහිප දෙනකු පමණක් වාසි ලබන නිසා ගොවීන්ට සහ පාරිභෝගිකයාට වාසි ලැබෙන විකල්ප වැඩපිළිවෙළක් තිබිය යුතු බැවින් එය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

https://youtu.be/IkJ-rcZuVng?si=scHDvjwLi8PmFjN-

Search