මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළ දමා තිබියදී හමුවූයේ පසුගිය වසරේ අග භාගයේදී එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNDOC) ඔත්තු සේවා මගින් කල් ඇතිව දන්වා රේගුවේ රඳවාගෙන පරීක්ෂාවට ලක්කළ කන්ටේනර් දෙකක් තුළ වූ රසායන ද්‍රව්‍ය තොගයක් බව අනාවරණය වී තිබේ.
එම කන්ටේනර් රේගුවෙන් පිට කළ අය සහ මෙම බහලුම් දෙකට ආවරණය වී තවත් මත්ද්‍රව්‍ය තොගයක් රටට ඇතුළු වී ඇති ද යන්න පිළිබඳව මේ වනවිට පුළුල් විමර්ශන සිදුවෙමින් පවතින බව ද අනාවරණය වේ.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳව කාර්යාලයේ ඔත්තු සේවා ලබා දෙන තොරතුරු බොහෝ දුරට ඉතා නිරවද්‍ය වන අතර ඔවුන් විසින් දෙනු ලබන තොරතුරු සිදු කළ වැටලීම් රැසක් ම සාර්ථක වී තිබේ.
මෙම කන්ටේනර් පිඟන් භාණ්ඩ නිෂ්පාදනයට ලබා ගන්නා අමුද්‍රව්‍ය ලෙස මෙරටට ගෙන්වා ඇති අතර එම අමුද්‍රව්‍යවලට මුවා වී අයිස් මත්ද්‍රව්‍ය හෝ ඒවා නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය ගෙනාවේ ද එසේ නැතහොත් මෙම බහලුම් දෙකට මුවා වී තවත් මත්ද්‍රව්‍ය බහලුමක් ගෙන ආවේ ද යන්න පිළිබඳව විමර්ශනය කරන බව විමර්ශන අංශ අනාවරණය කළේ ය.
එම තොරතුරුවලට අනුව මෙම බහලුම් රේගුවෙන් පිටවී ඇත්තේ, ජනවාරි මාසයේ අවසාන දින කිහිපයේදී බව ද හෙළි වී ඇත.
එම භාණ්ඩ පිට කළ පුද්ගලයන් මේ වනවිට අනාවරණය කරගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සිදුවෙමින් තිබේ.
කොළඹ වරායේ දැඩි තදබදයක් පැවැති කාලවකවානුවේදී මෙම බහලුම් දෙක පිටවී ඇති⁷ අතර පසුගිය දා මහත් ආන්දෝනයට ලක් වූ රේගුවෙන් පරීක්ෂාවකින් තොරව නිදහස් කෙරුණු බහලුම් 323 අතර එම බහලුම් දෙක නොමැති බව පසුගිය සෙනසුරාදා පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වී.කේ. වුට්ලර් ප්‍රකාශ කළේ ය.
මේ අතර, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන බවට සැක කරන රසායනික ද්‍රව්‍ය තොගයක් තංගල්ල නොටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී සොයා ගැනීමට තංගල්ල පොලිසියට ඊයේ (සැප්. 7) හැකිව තිබේ.
මෙම රසායනික ද්‍රව්‍ය පසුගිය දා මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී සොයාගත් රසායනික ද්‍රව්‍යවලට සමාන බවක් දක්වන බව තංගල්ල පොලිසිය සඳහන් කරයි.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව නෙටොල්පිටිය, වැලිවැත්ත හරස් පාරට යාබදව පිහිටි ඉඩමේ සිදුකළ විශේෂ වැටලීමකදී සුදු පැහැති මෙම රසායනික ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.
විමර්ශනයේදී හෙළිව ඇත්තේ, මෙම රසායනික ද්‍රව්‍ය
මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ කන්ටේනර් දෙකෙන් ලබාගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ සාම්පල 20කින් සාම්පල 5කම අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බව ය.
එමෙන් ම, ඉකුත් දා මතභේදයට ලක්වූ කන්ටේනර් 323ට මෙම කන්ටේනර් දෙක සම්බන්ධ නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒම ආන්දෝලනාත්මක කන්ටේනර්වල අංක සමගින් පරීක්ෂණ සිදුකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් පැවැත්වූ බවත් ඒ අනුගත අංකවලට පරිබාහිරව මෙම කන්ටේනර් දෙක වෙනත් කන්ටේනර් බවත් එය කන්ටේනර් 323ට සබඳතාවක් නැති බව ද ඔහු අවධාරණය කළේ ය.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව නෙටොල්පිටිය, වැලිවැත්ත හරස් පාරට යාබදව පිහිටි ඉඩමේ සිදුකළ විශේෂ වැටලීමකදී සුදු පැහැති මෙම රසායනික ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.
විමර්ශනයේදී හෙළිව ඇත්තේ, මෙම රසායනික ද්‍රව්‍ය මීට මාස 4කට පෙර කවුරුන් හෝ මෙම ඉඩමේ භූමියට කිසිවකු විසින් දමා ඇති බව ය.
Mawbima