රජය විසින් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ලබන මස පළමුවැනිදා (01) එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) වෘත්තීය සමිති තීරණය කර ඇත.
මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, නව පනත යටතේ ලංවිම සමාගම් හතරකට ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් රජය සහ පාලනාධිකාරිය පිළිබඳ පවතින විශ්වාසය බිඳ වැටීමයි.
වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙන පරිදි, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර මෙම පනතට එරෙහිව දැඩි ස්ථාවරයක් ගෙන සිටි බවත් වත්මන් එක් අමාත්‍යවරයෙකු විසින් මෙම පනතට එරෙහිව නඩු පැවරූ බවත්ය.
ලංවිම ජවිපෙ වෘත්තිය සමිති නායක රන්ජන් ජයලාල් මහතා විසින් පනතේ පිටපත් ප්‍රසිද්ධියේ පුළුස්සා දැමූ බවත් ඔවුහු සිහිපත් කරති.
වෘත්තීය සමිති වැඩිදුරටත් චෝදනා කරන්නේ, සේවකයන්ගේ කිසිදු එකඟතාවයකින් තොරව බලහත්කාරයෙන් නව සමාගම්වලට අනුයුක්ත කිරීම සඳහා ලිපි බෙදා හැරීමක් දැනටමත් සිදු වෙමින් පවතින බවයි. මෙම තත්ත්වය සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස ඔවුන් සලකයි.
මෙම ක්‍රියාමාර්ග වලට අමතරව, වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව යටතේ ගල් අඟුරු වංචාවක් සහ LTL හෝල්ඩින්ස් සමාගමේ ගනුදෙනු පිළිබඳව ද බරපතල සැකසහිත ගණුදෙනු ඇති බවයි.
මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින්, සේවක අයිතිවාසිකම් සහ ආයතනයේ අනාගතය සුරක්ෂිත කර ගැනීම සඳහා මෙම වැඩවර්ජනය අත්‍යවශ්‍ය බව වෘත්තීය සමිති අවධාරණය කරයි