ආණ්ඩුවේ තර්ජනයට ලක්වන අය වෙනුවෙන් නීති ආධාර ලබා දීමට නීතිඥ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට විපක්ෂ නායක යෝජනා කර ඇත.
විපක්ෂයේ පක්ෂ නායකයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (අගෝ. 27) පැවති අතර එහිදී ඔහු මෙම යෝජනාව සිදු කර ඇත.
ඒ අනුව, එම කණ්ඩායම සම්බන්ධීකරණය කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි විපක්ෂ නායක විසින් නම් කරනු ලැබීය.
විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එකමුතුවක් ගොඩනැඟීම වෙනුවෙන් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහා හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සමන් රත්නප්‍රිය විපක්ෂ නායක විසින් නම් කරනු ලැබ ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම තුළ මතු වූ ප්රජාතන්ත්රවාදයට එරෙහි අභියෝගය ජයග්‍රහණය කිරීමට සියලු පාර්ශ්ව සමඟ ඒකාබද්ධ අඛණ්ඩ වැඩපිළිවෙළක් දියත් කිරීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කර තිබේ.
විපක්ෂ නායක සමග විපක්ෂයේ නියෝජිතයන් පවැත්වූ මෙම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේග පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, සාගල රත්නායක, මුජිබර් රහුමාන්, චමින්ද්‍රානී කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා, චාමර සම්පත් දසනායක, සුගීෂ්වර බණ්ඩාර, රාමනාදන් අර්ච්චුනා, අකිල විරාජ් කාරියවසම්, චන්දිම වීරක්කොඩි, නලින් බණ්ඩාර, නිසාම් කාරියප්පර්, කබීර් හෂීම්, මහේෂ් සේනානායක, සුජීව සේනසිංහ, දයාසිරි ජයසේකර, ජී.එල්. පීරිස්, වජිර අබේවර්ධන, ප්‍රේමනාත් සී. දොළවත්ත ඇතුළු පිරිසක් එක්ව සිටියහ