හිටපු ජනපති රනිල් නිදහස් කිරීමට සහාය දුන් සියලු දෙනාට සජිත් ස්තූති කරයි

හිටපු ජනපති රනිල් නිදහස් කිරීමට සහාය දුන් සියලු දෙනාට සජිත් ස්තූති කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස වෙනුවෙන් කැපවී කටයුතු කළ සියලු දේශපාලන පක්ෂ නායකයින්ට, නීතිඥවරුන්ට, සිවිල් සංවිධාන නියෝජිතයින්ට, පොදු මහජනතාවට සහ ඒ සඳහා එක්ව කටයුතු කළ සියලු දෙනාටම සිය ස්තූතිය පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවති විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් නායක සහ නියෝජිත හමුවේදීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ මතු වූ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අභියෝගය ජය ගැනීමට සියලු පාර්ශ්ව සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙලක් දියත් කිරීමේ අවශ්‍යතාවයද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ නායකයින් ප්‍රකාශ කර සිටියේ, විරෝධතාවට එක් වූ පිරිස් බිය ගැන්වීම සඳහා ආණ්ඩුව විවිධ උපක්‍රම යෙදූ බවයි. එවැනි තර්ජනයකට ලක්වන පිරිස් සඳහා වහාම නීති ආධාර ලබා දීමට නීතිඥ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළ අතර, ඒ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි නම් කරනු ලැබිණ.

එමෙන්ම මෙම අවස්ථාවට සම්බන්ධ වූ දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන ඇතුළු පුළුල් එකමුතුවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහා හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ හිටපු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ද නම් කරනු ලැබුවා.

 

FB IMG 1756289776509

Search