රනිල් නිදහස් කර ගැනීමේ සටනට සජිත් මූලිකත්වය දෙයි... විපක්ෂයේ පක්ෂ නායකයින් රැසක් විපක්ෂ නායක කාර්යාලයට

රනිල් නිදහස් කර ගැනීමේ සටනට සජිත් මූලිකත්වය දෙයි...  විපක්ෂයේ පක්ෂ නායකයින් රැසක් විපක්ෂ නායක කාර්යාලයට

විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් රැසක් අද (25) දහවල් විපක්ෂ නායක කාර්යාලයට රැස්ව තිබේ.

ඒ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇති බව පැවසෙයි.

ඒ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම් හා පලනි දිගම්බරන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජේවර්ධන, කාවින්ද ජයවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ජීඑල් පීරිස්, සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ ප්‍රබලයින් පිරිසක් එක්ව තිබේ.

මේ අතර, සමගි ජන බලවේගය නියෝජනය කරමින් තවත් මන්ත්‍රීවරු පිරිසක් සම්බන්ධ වී ඇත

IMG 20250825 WA0031

IMG 20250825 WA0030IMG 20250825 WA0032

Search