මම හැම වෙලාවෙම වැඩ කළේ රට වෙනුවෙන් – අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර රනිල් අකිලට කියයි

 මම හැම වෙලාවෙම වැඩ කළේ රට වෙනුවෙන් – අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර රනිල් අකිලට කියයි

“මම හැමවෙලේම රට වෙනුවෙන් වැඩ කළේ. පුද්ගලික කාරණාවලට වැඩ කළේ නැහැ. අද තමයි මේ පාලනයේ සත්‍ය මුහුණ පේන්නේ. හැමතැනම සිදුවන දේශපාලන වශයෙන් කරන කටයුතු එකක්වත් මම පිළිගන්නේ නැහැ” යනුවෙන් හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා


පසුගිය සිකුරාදා (22දා) අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර ප්‍රකාශ කර තිබේ.

එම ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා සමග සිදුකර තිබූ අතර එම ප්‍රකාශය පටිගත කරන ලෙස ද හිටපු ජනාධිපතිවරයා කාරියවසම් මහතාට දැනුම් දී ඇත. එම පටිගත කළ ප්‍රකාශය පෙරේදා අකිල විරාජ් කාරියවසම් මහතා විසින් එම පක්ෂයේ නියෝජිතයන් සමග කොළඹ මල්පාරේ පැවැති මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කරනු ලැබීය. එහිදී අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

“මේ රටේ ආර්ථිකය දැවැන්ත ලෙස කඩාවැටුණු අවස්ථාවක කවුරුත් රට භාරගන්න ඉදිරිපත් වුණේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා භය නැතිව රට භාරගෙන රට ගොඩදැම්මා. අද ඔහුව බන්ධනාගාරගත කිරීම ගැන හැමෝම කම්පාවෙලා සිටිනවා.”

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා,

“පක්ෂයක් ලෙස අපි අධිකරණයට ගෞරව කරනවා. හැබැයි සමහර යූටියුබ් චරිත කොහොමද අධිකරණය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගතයුතු සහ දියයුතු තීන්දු දෙන්නේ? ඒ අය අනාවැකි කියලා තීන්දු තීරණ දෙනකොට අපිට හිතෙන්නේ රජයේ අංශ දැන් දේශපාලනය වෙලා ද කියලයි.”

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා,

“ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පිටුවහල් කළා. ඉන්පසුව මගේ මතකයේ හැටියට කිසිදු රාජ්‍ය නායකයකු මෙවැනි තත්ත්වයකට පත්වෙලා නැහැ. කෙසේ හෝ අපි එකක් මතක තබාගත යුතුයි. මේ සිද්ධිය අපේ රටේ ඉතිහාසයේ ඇතිවුණු බරපතළ කළු පැල්ලමක් ලෙස ලියැවෙනවා කියලා.

මෙවැනි සටන්වලින් පරාජයක් නොවේ ලබන්නේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් බව ඔබ සියලු දෙනාට මතක් කරන්න කැමතියි. ඒ වගේම අපි නියත වශයෙන්ම මේ තත්ත්වය පරාජය කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.”

පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරාළ මහත්මිය,

“මේ සඳහා ගිය වියදම් පාර්ලිමේන්තු වැය ශීර්ෂයෙන් සම්මත කරලා තියෙනවා. හිටපු ගමන් මොකක්ද මේ හැදුණු කෝබියාව (අධික බිය) කියලා අහනවා

Search