එක් පුද්ගලයකු සමාජ මාධ්‍යයෙන් නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අනාවැකි පළ කිරීම මගින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (23 දා) පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට නව මැගසින් බන්ධනාගාරය වෙත ගොස් පිටතට පැමිණ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විපක්ෂනායකවරයා එසේ කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් ද ඊයේ වික්‍රමසිංහ මහතා බැලීමට රෝහල වෙත ගියහ.
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සහ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන මොහොතක නීතියේ සඳහන් නොවන තුන්වැනි පාර්ශ්වයකට නීතියේ අවසන් ක්‍රියාවලිය පුරෝකථනය කළ නොහැකි බව ද සජිත් ප්‍රේමදාස මහතා කීය. එය බොහොම භයානක තත්ත්වයක් බවත්, ප්රජාතන්ත්රවාදය ආරක්ෂා වීමට නම් රටේ ජනතාව නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදය නිවැරදි බවට විශ්වාස කළ යුතු බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
නීතිය ක්‍රියාත්මක වීම මෙන්ම ජනතාව ඒ පිළිබඳව ඇතිකරගන්නා අවබෝධය යන කරුණු දෙකම ඉතා වැදගත් වන බවත්, සමාජ මාධ්‍යවල පුද්ගලයකු අනාවැකි පළ කිරීමෙන් බරපතළ තත්ත්වයක් හටගෙන ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
“හිටපු ජනාධිපති රනිල් මහත්මයා හොඳින් සිටිනවා. ඒ වගේම එතුමාගේ සෞඛ්‍ය තත්ත්වයත් ආරක්ෂා කළ යුතුයි. අපි විශ්වාස කරනවා ඖෂධ ලබාදෙනවා කියලා.
අහවල් දවසේ අහවල් කෙනා අත්අඩංගුවට ගන්නවා. මෙච්චර දවස් ගණන් හිරකරලා තියනවා කියලා යූටියුබ් එකකින් කියන්න බැහැ. මේක යුක්තිය පසිඳලන අධිකරණයට කරපු අපහාසයක්. ආරක්ෂක අංශවලට කරපු අපහාසයක්