පිටින් ගන්නවත් ලියා දෙන්නේ නැතිලු
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ටැපොක්ෂිෆෙන් (Tamoxifen) ඖෂධය මාස 2ක සිට නොමැතිකමින් එම ඖෂධය ලබාගන්නා රෝගීහු දැඩි අපහසුතාවකට පත්ව සිටින බව “දිවයින” ට පැවැසූහ.
අවස්ථා දෙක තුනක්ම එම ඖෂධය ලබාගැනීමට රෝහලට පැමිණිය ද ඒවා නොමැති බව රෝහල් බලධාරීන් පැවැසීම නිසා ආපසු හැරී යෑමට සිදුවූ බවද මෙම ඖෂධය පිට ෆාමසිවලින්වත් ලබා ගැනීමට හෝ වෛද්‍යවරුන් ලියානොදෙන බවද ඔවුහු කියති.
මෙම තත්ත්වය නිසා තමන් අසරණව සිටින බැවින් කඩිනමින් මෙම ඖෂධය ලබාදීමට මැදිහත් වන්නැයි ඔවුහු සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මේ ගැන අප ඊයේ (20දා) මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාගෙන් විමසූ විට කියා සිටියේ, එම ඖෂධය ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවය