ලබන 29 වැනිදා අනිවාර්යයෙන්ම තම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට නොතීසි නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (20දා) නියෝග කළාය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෝසම් පත්‍රයක් ගොනු කරමින් නඩුව කැඳවා කළ ඉල්ලීම අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අංශ භාර ස්ථානාධිපතිවරයාගෙන් හා ප්‍රශ්නගත කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතිය සම්බන්ධ විමර්ශන භාරව කටයුතු කරන ප්‍රධාන විමර්ශන නිලධාරියාගෙන් විවෘත අධිකරණය හමුවේදී සාක්ෂි ලබා ගැනීමෙන් අනතුරුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තිය අනුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එම නොතිසිය නිකුත් කළාය.
පෙර කී වගන්තිය යටතේ නොතීසියක් නිකුත් කළ විට එය අනිවාර්යයෙන් පිළිපැදිය යුතු නියෝගයක් බවට පත්වන හෙයින් රාජිත සේනාරත්න මහතා ලබන 29 වැනිදා හෝ ඊට පෙර අධිකරණය හමුවේ පෙනී නොසිටියහොත් ඔහුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමේ නෛතික බලය ද අධිකරණයට හිමිවේ