තමා යෝජනා කරද්දි අනුරලා විපක්ෂයේ හිඳිමින් එදා විරුද්ධ වූ දේ ජාතික ජන බලවේගය දැන් ක්‍රියාත්මක කරමින් සිටීම ගැන සතුටු වන බව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
ආණ්ඩුව කැසිනෝ ශාලාව විවෘත කරමින් කංසා අපනයනය කිරීමට නීති ගෙන එන බවද ඒවා තමා කියූ දේවල් බවද ඇය සදහන් කළාය. " අපේ වැඩ ටික ඒ විදිහටම වෙනවා. මට හරි සතුටුයි"ඇය කීවාය. ඩයනා ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ මාධ්‍ය කළ විමසුමකදීය