එකතු වෙන්නේ ආණ්ඩුව පෙර­ළන්න නොවෙයි -හිටපු ඇමැති අනුර ප්‍රිය­ද­ර්ශන යාපා

එකතු වෙන්නේ ආණ්ඩුව පෙර­ළන්න නොවෙයි -හිටපු ඇමැති අනුර ප්‍රිය­ද­ර්ශන යාපා

විප­ක්ෂයේ දේශ­පා­ලන පක්ෂ එක්ව වේදි­කා­වක් සකස් කරන්නේ අත්දැ­කීම් බහුල පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කළ අය ද ඇතු­ළුව පැරණි තන­තුරු දරපු අයගේ අද­හස් ඉදි­රි­පත් කිරීම වෙනු­වෙන් මිස ආණ්ඩුව පෙර­ළී­මට නොවන බව පොදු­ජන එක්සත් පෙර­මුණේ නායක, හිටපු ඇමැති අනුර ප්‍රිය­ද­ර්ශන යාපා මහතා පෙරේදා (16) ප්‍රකාශ කළේය.

පොදු­ජන එක්සත් පෙර­මුණ යටතේ මෙවර පළාත් පාලන මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වී තේරී­පත් වූ නියෝ­ජි­ත­යන් වෙනු­වෙන් ඉකුත් 16 වැනිදා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ මූල­ස්ථා­න­යේදී පැවති වැඩ­මු­ළු­ව­කට සහ­භාගි වීමෙන් පසු මාධ්‍ය හමුවේ අද­හස් දැක්වූ අනුර ප්‍රිය­ද­ර්ශන යාපා මහතා මේ බව සඳ­හන් කළේය.

මෙහිදී වැඩි­දු­ර­ටත් හිටපු ඇමැති අනුර ප්‍රිය­ද­ර්ශන යාපා මහතා මෙසේද කීවේය.

“රටක පවත්නා ආණ්ඩු­වක් පෙර­ළීම සම්බ­න්ධ­යෙන් තීර­ණය කරන්නේ ආණ්ඩු­වක ක්‍රියා­කා­රී­ත්වය අනු­වයි. රටක ආර්ථික තත්ත්වය යහ­පත් නම් ආණ්ඩු­ව­කට දිගු­කා­ලීන ගමන් මඟක් පව­ති­නවා.

තුනෙන් දෙකක බල­යක් ලබ­මින් බල­යට පත්වූ හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට වසර දෙකක් ගත­වන විට ප්‍රශ්න රැස­කට මුහු­ණ­දී­මට සිදු­වුණා. අපි ප්‍රජා­ත­න්ත්‍ර­වාදී විප­ක්ෂ­යක් ලෙස සියලු දේශ­පා­ලන පක්ෂ සම­ඟින් කට­යුතු කර­නවා.

කාලා­න්ත­ර­යක් තිස්සේ ප්‍රමාද පළාත් සභා මැති­ව­ර­ණය පව­ත්වන්න හොඳ කාලය මේ බව මම විශ්වාස කර­නවා. ඒකෙන් ආණ්ඩුවේ ජන­ප්‍රි­ය­ත්වය වගේම විරුද්ධ පක්ෂයේ අයගේ ජන­ප්‍රි­ය­ත්වය පිළි­බ­ඳ­වත් දැන­ගන්න අව­ස්ථා­වක් ලැබෙ­නවා. ජන­තා­වට මීළඟ පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යත්, ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණ­යත් අතර කාල­යේදී තමන්ගේ ජන­ම­තය ප්‍රකාශ කරන්න අව­ස්ථා­වක් ලැබෙ­නවා. ආණ්ඩුව පළාත් සභා මැති­ව­ර­ණය ගැන කතා කර­න්නේම නැහැ. ඒකෙන් පේන්නේ ඒ අය ටිකක් තැති­ගැ­න්මෙන් ඉන්න බවයි.

Search