බංකොලොත් රටේ සුදුසු අයට අස්වැසුම ලබා දීම වෙනුවට නුසුදුස්සන්ට අස්වැසුම දෙන බවත් සමාජවාදී ප්‍රතිපත්ති ඔස්සේ ආර්ථික වර්ධනය සිදුකළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොළඹදී ඊයේ (අගෝ. 17) පැවසීය.
අස්වැසුම පාරිභෝජන වැඩපිළිවෙළක් පමණක් වුව මෙහි ආයෝජනය, නිෂ්පදනය, අපනයනය සහ ඉතිරි කිරීමද තිබිය යුතු බව විපක්ෂ නායක අවධාරණය කළේ ය.
සදාකාලීක සහන නොදී කිසියම් කාලයක් තුළ සවිබල ගැන්විය යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.
තමා අවස්ථා ගණනාවක අස්වැසුම විද්‍යාත්මක නොවන බවට පෙන්වා දුන් බවත් අයි.එම්.එෆ්. සහ ලෝක බැංකු ආදී මූල්‍ය ආයතනවලට අස්වැසුම ගැන අවබෝධයක් ලබාගත නොහැකි වී ඇති බවත් ඔහු පැවැසීය.
සංඛ්‍යාලේඛන අනුව අස්වැසුම වැඩසටහනේ සිටිය යුතු සියයට 58කට අස්වැසුම නොලැබීම බරපතළ ගැටලුවක් බවත් අස්වැසුම හා සමෘද්ධියේ අඩුපාඩුකම් ඇති බවත් විපක්ෂ නායක කීවේය.
එසේ ම, සියයට 23ක් පමණ නුසුදුස්සන් ද අස්වැසුම ලබන බව විපක්ෂ නායකවරයා පැවසීය.
මෙරට අස්වැසුම හා සමෘද්ධියේ අඩුපාඩුවලින් පාඩම් ඉගෙන ගෙන නැති බවත් ඔහු පැවැසීය.
රජයෙන් ද ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ණය ගෙන අස්වැසුම දෙන බවත් මෙහි තෝරා ගැනීමේ ගැටලු ඇති නිසා විදුලි බිල කේන්ද්‍ර කරගෙන සහන ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා කීය.
වාමාංශික සහ දක්ෂිණාංශික ක්‍රමවල පවතින හොඳ ගුණාංග ගෙන සෘණාත්මක දේ පසෙකලා මැද මාවතේ යා යුතු බව ඔහු පැවසීය.
එබැවින් සමාජ ප්රජාතන්ත්රවාදී මාවතේ යා යුතු බවත් එය රටේ ගැටලුවලට ඇති එකම විසඳුම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.