හිටපු ඇමතිවරු 20කගේ ෆයිල් සොයා අල්ලස් කොමිසම පාර්ලිමේන්තුව පීරයි…

හිටපු ඇමතිවරු 20කගේ ෆයිල් සොයා අල්ලස් කොමිසම පාර්ලිමේන්තුව පීරයි…

අල්ලස් හෝ දූෂණ චෝදනා එල්ල වී ඇති නවවැනි පාර්ලිමේන්තුවේ හිටපු සහ වත්මන් මන්ත්‍රීවරුන් 20කට අධික පිරිසක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ආරම්භ කර ඇත.

මෙම විමර්ශනය, අදාළ මන්ත්‍රීවරුන් එම කාල සීමාවේදී පාර්ලිමේන්තුවෙන් ලබාගත් සියලු දීමනා සහ වරප්‍රසාද පිළිබඳව තොරතුරු රැස් කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

 

මෙම විමර්ශනයේ ප්‍රධාන අරමුණ වන්නේ, එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ කාලය තුළ උපයාගත් ආදායම් සහ ඔවුන් සතුව දැනට පවතින වත්කම් අතර ඇති විය හැකි විෂමතා හඳුනා ගැනීමයි.

අල්ලස් කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන කණ්ඩායම් මේ වන විටත් පාර්ලිමේන්තු ලේඛන කාර්යාලය සහ මන්ත්‍රී සේවා කාර්යාංශයේ සහාය ඇතිව අවශ්‍ය තොරතුරු ලබාගනිමින් සිටී.

මෙම කටයුතු පාර්ලිමේන්තු නිලධාරීන්ගේ සහයෝගය පහසුවෙන් ලබාගැනීම පිණිස පාර්ලිමේන්තු රැස්වීම් නොපවතින දිනවලදී සිදු කෙරේ.

 

එක් රැස් කරන ලද තොරතුරු ඉදිරි විමර්ශන කටයුතු මෙන්ම, අධිකරණ ක්‍රියාමාර්ග සඳහා ද යොදා ගැනීමට නියමිත බව කොමිෂන් සභාව සඳහන් කරයි

Search